වී මිලදි ගැනීමේ ක්‍රියාන්විතය මාර්තුවේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 5, 2021

වී මිලදි ගැනීමේ ක්‍රියාන්විතය මාර්තුවේ

ගොවි බිම් වෙත ගොස්, වී මිලදි ගැනීමේ ජාතික ක්‍රියාන්විතය ලබන මාර්තු මස 8 වනදා සිට අප්‍රේල් 7 දක්වා සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

රජයට වී සංචිතයක් පවත්වා ගෙනයාම සහ තරඟකාරි මිලට වී මිලදී ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය. 

ඒ අනුව 2021 මාර්තු 8 වනදා සිට 2021 අප්‍රේල් 7 වනදා දක්වා කාලය තුළ වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ගොවිබිම් වෙත ගොස් මිලදී ගන්නා ලෙස කෘෂීකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. 

අනුරාධපුරය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 6 සඳහා එම වැඩසටහන යටතේ ප්‍රමුඛත්වය ලබා දෙන බව ද වාර්තා වේ.

Classified_Ad