කොදෙව් පිලට පහසු ජයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 5, 2021

කොදෙව් පිලට පහසු ජයක්

සංචාරක ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඇන්ටිගුවාහිදී පැවති පළමු තරගයෙන් කොදෙව් පිල කඩුලු 4 ක පහසු ජයක් ලැබීය.
 
කොදෙව් පිතිකරුවෝ ලකුණු 132ක ජයග්‍රාහී ඉලක්කය ඕවර 13.1 කදී කඩුලු 6 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.  
කරන් පොලාඩ් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 11 කින් හයේ පහර හයක්ල සමග ලකුණු 38 ක් රැස්කිරීමට සමත් විය. 

පොලාඩ් ලෝක විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ එකම ඕවරයේ පන්දු හයටම හයේ පහර ගැසූ දෙවැනි පිතිකරු බවට පත්වෙමින් අකිල ධනංජය යැවූ ඉනිමේ හ⁣යවැනි ඕවරයේ පන්දු හයටම හයේ පහර වාර්තා කිරීම කැපී පෙනුණි. 

අකිල ඊට පෙර යැවූ ඉනිමේ සිවුවැනි ඕවරයේදී ක්‍රිස් ගේල් ඇතුළු පිතිකරුවන් තිදෙනකු පිට පිටම දවාගනිමින් කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 9 ට 131 (නිරෝෂන් දික්වැල්ල 33, පැතුම් නිස්සංක 39, ඔබිඩි මැග්කොයි 25/2) බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 13.1 කදී කඩුලු 6 ට 134 (ලීන්ඩ් සිමන්ස් 26, එවන් ලුවිස් 28, කරන් පොලාඩ් 38, අකිල ධනංජය 62/3, වනිදු හසරංග 12/3)

Classified_Ad

Classified_Ad_News_Bottom