මෙන්න ඡන්ද පොරොන්දු !! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 27, 2021

මෙන්න ඡන්ද පොරොන්දු !!

සඳ ගමන්, නිවසේ වැඩට රොබෝවරුන්, ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් යානා, තෙමහල් නිවාස, රන් ආභරණ, කෝටි ගණන් මුදල් ආදී අසාමාන්‍ය ඡන්ද පොරෝන්දු ලබා දුන් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ අපේක්ෂකයකු ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

33 හවිරිදි තුලාම් සරවනන් නමැති මෙම අපේක්ෂකයා එලැඹෙන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වෙයි. ඒ, ස්වාධීන පක්ෂයකිනි.

ඉටු කළ නොහැකි, අසාමාන්‍ය විදියේ මෙම ඡන්ද පොරොන්දු හේතුවෙන් තුලාම් සරවනන් මේ වනවිට තමිල්නාඩු ප්‍රාන්ත වැසියන් අතරේ කතාබහට ලක් වී අවසන්ය. 

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය පැවැත්වෙන්නේ ලබන අප්‍රේල් 6 වැනිදාය. 

තුලාම් සරවනන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ තමිල්නාඩුවේ මදුරායි දකුණු මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින්ය. සරවනන්, මදුරායි පුවත්පතක ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස රුකියාව කරන අයෙකි.

දකුණු මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් අපේක්ෂකයන් 13 දෙනකු ඉදිරිපත් වන අතර, සරවනන්, ඔවුන් අතරේ සිටී. 

තමන් ජයග්‍රහණය කළහොත් සිය මැතිවරණ කොට්ඨාශයේ සෑම නිවසකටම වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටියක් ලබා දීමටත්, මංගල උත්සවයකදී මනාලියගේ සියලු රන් ආභරණ ලබා දීමට කටයුතු කරන බවත්, නිවසේවල වැඩ කටයුතු පහසු කර ගැනීමට රොබෝවකු දෙන බවටත්, ගමන් බිමන් සඳහා හෙලිකොප්ටරයක් ලබා දෙන බවටත්, දින 100 ක් සඳහා සඳට යෑමට අවස්ථාව උදා කර දෙන බවටත් සරවනන් මැතිවරණ වේදිකාවේ පවසා තිබේ.

තනිවම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන තරුණ තරුණියන් සඳහා ඉන්දීය රුපියල් කෝටියක් ද, නිවසේ පරිහරණයට ඉන්දීය රුපියල් කෝටි 20 ක මෝටර් රථයක් ද, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා රුපියල් ලක්ෂයක් ද ලබා දීමට සරවනන් පොරොන්දු වී ඇත. 

ඊට අමතරව, මදුරායි දකුණු මැතිවරණ කොට්ඨාශයේ වැසියන්ට උණුසුමින් බේරී සිසිල්වීමට අඩි 300 ක් උස කෘත්‍රිමව නිපදවූ අයිස් කුට්ටියක් ද නගර මධ්‍යයට ගෙන ඒමට ද සරවනන් පොරොන්දු වී තිබීම විශේෂත්වයකි. 

මෙවැනි අසාමාන්‍ය ඡන්ද පොරොන්දු දුන් සරවනන්, කෝටිපතියකු නොවන අතර, ඔහු මැතිවරණයට නාමයෝජනා බාර දී ඇත්තේ ද පොලී පදනම මත ණයක් ලබා ගනිමිනි. සරවනන්, ජීවත් වන්නේ ඔහුගේ දිළිඳු වයෝවෘද්ධ මාපියන් සමඟ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. 

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom