

රජ පවුල ‘‘වර්ගවාදී’’ පවුලක් නොවන බව හැරී-මෙගාන් යුවලගේ ආන්දෝලනාත්මක රූපවාහිනි වැඩසටහනෙන් පසු පළමු වරට මාධ්‍ය වෙත අහදස් දක්වමින් කේම්බ්‍රිජ්හි ආදිපාද විලියම් කුමරු ඊයේ (11) පැවැසීය.
හැරී කුමරුගේ සහ මෙගාන් මර්කෙල්ගේ ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවෙන් පසු හැරී කුමරුන්ට තවමත් කතා නොකළ බවත් ඔහු සමඟ කතා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් විලියම් කුමරු එහිදි පැවැසීය.
හැරී-මෙගාන් යුවළගේ පළමු දරුවා වන ‘‘ආචී’’ගේ සමේ පැහැය කොතරම් කළු වේද යන්න සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය තුළ දැඩි කතබහක් තිබුණේ යැයි එම සම්මුඛ සාකච්ඡාවේදී මෙගාන් මර්කෙල් සඳහන් කළ බැවිනි.
මේ සම්බන්ධයෙන් සොයා බලන බව බකිංහැම් මාලිගය සඳහන් කළ අතර කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් විමසා බැලෙන්නේ පෞද්ගලික මට්ටමින් යැයි ද සඳහන් කළේය.
නැගෙනහිර ලන්ඩනයේ පිහිටි සැට්‍රැට්ෆර්ඩ් පාසලට යන අවස්ථාවේදී මාධ්‍යවේදියකු විලියම් කුමරුගෙන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු එම කරුණු සඳහන් කළේය.
‘‘රාජකීය පුවල් වර්ගවාදී පවුලක්ද?’’ යැයි එම මාධ්‍යවේදීයා විලියම් කුමරුගෙන් විමසීය.
‘‘නැහැ, අපි කොහෙත්ම වර්ගවාදී පවුලක් නෙමෙයි’’ යැයි විලියම් කුමරු ඊට පිළිතුරු දුන්නේ ය.
රොයිටර්