තෙවැනි කොරෝනා රැල්ල බිහිසුණුයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 7, 2021

තෙවැනි කොරෝනා රැල්ල බිහිසුණුයි

සෞඛ්‍ය බලධාරීන්ට අනුව, කැනඩාව මේ වනවිට තෙවැනි කොරෝනා රැල්ලට මුහුණ පා සිටින බවත්, එම තෙවැනි රැල්ල බිහිසුණු බවත් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසයි. 

කැනඩා අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, ඔටෝවා නුවර මාධ්‍ය හමුවකට එක් වෙමිනි. මේ වනවිට කැනඩාවේ රෝහල් සහ ඒවායේ දැඩි සත්කාර ඒකක පිරී යෑමට පටන්ගෙන ඇතැයි ද අග්‍රාමාත්‍ය ටෲඩෝ පැහැදිලි කළේය.

කැනඩා වැසියන්ට මෙතෙක් නිපදවා ඇති, කොරෝනා වයිරසයට එරෙහි හොඳම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙමින් පවතින අතර, බොහෝ දෙනකුට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇතැයි ද පැවැසෙයි. තෙවැනි කොරෝනා රැල්ලක් නිර්මාණය වී ඇත්තේ එවැනි තත්ත්වයක් යටතේය. 

තෙවැනි කොරෝනා රැල්ලට හේතුව වී ඇත්තේ කැනඩාවේ ව්‍යාප්තවීමට පටන්ගත් විකෘති කොරෝනා ප්‍රභේද යැයි එරට සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි.

‘මේ දිනවල හොඳට ඉර එළිය වැටෙනවා. වියලි කාලගුණයක් පවතිනවා. ඒත් වයිරස ව්‍යාප්තිය යළි වැඩිවීමට පටන්ගෙන. සෞඛ්‍ය බලධාරීන් ඒ ගැන කනස්සල්ල පළ කරනවා.’ යැයි ඔටෝවා නුවර පැවැති මාධ්‍ය හමුවේ දී කැනඩා අග්‍රාමාත්‍යවරයා පැවැසුවේය. 

මේ වනවිට කැනඩාවෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 1,020,900 කි. කැනඩාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 23,734 කි. සුවය ලැබූ ගණන වාර්තා වන්නේ 9,37,456 ක් ලෙසය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom