ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් අද (7) යළිත් වරක් ලක්ෂය පසු කළේය.
ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 1,15,736 ක් යැයි වාර්තා විය.
ඉන්දියාවේ මෙසේ ‘කොවිඩ් 19’ ආසාදියන් පළමු වරට ලක්ෂය පසු කිරීමට පටන් ගත්තේ පෙරේදා (5)ය.
ඉන්දියාවේ ආසාදිතයන් හිටිහැටියේ ඉහළ යෑම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ද මධ්‍යම රජය පියවරගෙන ඇත.
බොලිවුඩ් නළු නිළියෝ බොහෝ දෙනෙක් ද මේ වනවිට ‘කොවිඩ් 19’ ආසාදිතයන් බවට පත් වී සිටිති.
ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ මහාරාෂ්ට්‍රයෙනි. ඊට අමතරව දිල්ලි ප්‍රාන්තයෙන් ද ආසාදිතයන් 3,500 ට වඩා වාර්තා වීමට පටන් ගෙන තිබේ.
මේ හේතුව නිසා රාත්‍රී 10 සිට උදෑසන 5 තෙක් කාලයේ දිල්ලියට ඇඳිරි නීතිය පැනැවීමට ද කටයුතු යොදා ඇත. ඇඳිරි නීතිය මෙම මස 30 වැනිදා තෙක් ක්‍රියාත්මක වනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත වැසියන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම නොකඩවා සිදුවුණු නමුත්, මේ වනවිට ප්‍රමාණවත් එන්නත් නොමැති හෙයින්, එන්නත්කරණ කටයුතු අතරමඟ ඇණහිට තිබේ.
මහාරාෂ්ට්‍රයේ ප්‍රධාන නගරය මෙන්ම ඉන්දියාවේ වෙළෙඳ අගනගරය වන්නේ මුම්බායි ය.
එන්නත් ලබා දීම නවතා ඇත්තේ මුම්බායි නගරයේය.
තවමත් ලොව වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.
‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ අතින් දෙවැනි ස්ථානයේ ඇත්තේ බ්‍රසීලයයි. ඉන්දියාව ඇත්තේ තෙවැනි ස්ථානයේය.
AFP