ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 6, 2021

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන්

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා මෙහෙයුම් ආරම්භ කිරීමට දෙරට අතර එකඟතාවය පළ වී තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ වසා දැමුණු රට, සංචාරකයන් සඳහා යළි විවෘත කිරීමත් සමග ගුවන්සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් තානාපති කාර්යාල හා සංචාරක අමාත්‍යාංශය අතර සාකච්ඡා පැවැත්විණි. 

එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් සේවා කඩිනමින් ආරම්භ කිරීමට තීරණය කෙරුණි.

දෙරටේ සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමෙන් පසුව එළඹෙන මැයි මස සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළ ඊශ්‍රායල සංචාරකයින් 2000ත් 5000ත් අතර පිරිසක් මෙරට සංචාරය කරනු ඇති බවට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ඩේලිමිරර්

Classified_Ad

Classified_Ad_News_Bottom