එන්නත් අත්හදා බැලීම් නවතයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 7, 2021

එන්නත් අත්හදා බැලීම් නවතයි

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත අවුරුදු 18 ට අඩු දරුවන්ට ලබා දෙමින් එන්නත දරුවන්ට සුදුසුදැයි සෙවීමට කළ සායනික අත්හදා බැලීම් වහා නැවැත්වීමට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය තීරණය කළේය. 

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් මෙසේ තීරණය කළේ එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටි ඇතිවීමේ බියක් හටගෙන ඇති බැවින් සහ ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීම සිදුවෙන බැවිනි ඇස්ට්‍රාසෙනකා එන්නත නිපදවූයේ ද ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් මැදිහත් වීමෙනි.

විද්‍යාඥයන් එන්නත නිපදවීම කළේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම සමඟ හවුලේය. ඇස්ට්‍රාසෙනකා යනු ලොව පිළිගත් ඖෂධ නිෂ්පාදන සමාගමකි. ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව අවුරුදු 18 ට අඩු දරුවන්ට කිසිදු එන්නතක් නිර්දේශ කර නැත. 

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත එන්නත පමණක් නොව, ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ යන එන්නත් ද කුඩා දරුවන් යොදා ගනිමින් අත්හදා බැලීම් සිදු කරයි. 

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත මේ වනවිට ලොව රටවල් රැසකට භාවිතයට ගැනෙන නමුත්, එන්නත ලබා ගැනීමෙන් රුධිරය කැටි ගැසිමේ අවදානමක් පවතින බවට බියක් නිර්මාණය වී තිබේ. 

මහා බ්‍රිතාන්‍යයේ පමණක්, එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීමෙන් මියගිය ගණන 7 කි. 

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom