
අඹුසැමි දෙදෙනාම නීරෝගී බව පෙනුණ ද දරුවන් පමා වනවිට එම යුවළ පමණක් නොව ඔවුන්ගේ මාපියෝ ද ඇතැම් විට කලබල වෙති.
තමන්ට දරුඵල නොමැතිවේ ද යන භීතිය සහ අවට පුද්ගලයන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ මානසික අසහනය හා ආතතිය හේතුවෙන් ඔවුන්ට තව තවත් දරුවන් ලැබීම ප්‍රමාදවීම සිදුවෙයි.
මෙවැනි යුවළ කට කිසිදු දෝෂයක් නොමැති හෙයින් සුළු ප්‍රතිකාර කිරීමෙන් පසු දරුවන් ලැබීම සිදුවෙයි. එහෙත් සමහරුන්ට ඖෂධ භාවිතා කළ ද දරුවන් ලැබෙන්නේ නැත.
දරුවකු සෑදීම සඳහා මුල්වන කළලය සෑදෙන්නේ පිරිමියකුගේ ශුක්‍රාණුවක් හා ගැහැනියකගේ ඩිම්බයක් එක්වීමෙනි.
ඒ අනුව කළලය ඇති වීම සඳහා දෙදෙනාගේම වගකීම 50% බැගින් වුව ද එය සෑදුණු මොහොතේ සිට දරුවා බිහි වීම දක්වා සියලූ කාර්යයන් සිදු කරන්නේ කාන්තාවගේ සිරුර තුළ බැවින් දරුවන් පමාවන විට සියලූ දෝෂාරෝපණවලට ලක්වෙන්නේ කාන්තාවන්ය.
ආයුර්වේද මතයට අනුව දරුවකු නොලැබීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඍතු, ක්ෂේත්‍ර, අම්බු , බීජවල විකෘති ආදියයි.
මීට අමතරව සමාජයේ කාර්යබහුලතාවය, කඩචෝරුවලට ඇති නැඹුරුව, නිසි වයස පසුවනතුරු විවාහ නොවීම, විවාහයෙන් පසු වුව ද රැකියාවට මුල් තැන දී යුවළ ස්ථාන දෙකක ගත කිරීම ආදී කරුණු කාරණා රැසක් හේතුවෙන් දරුවන් නොමැති වීම සහ දරුඵල පමා වීම සිදුවෙයි.
මෙම හේතූන් තත්ත්වය සඳහා චිකිත්සාව හේතු අනුකූලව යෙදිය යුතුය. ආයුර්වේද චිකිත්සාව අනුව, ශෝධන, ශමන, තර්පණ මූලධර්ම යටතේ චිකිත්සා සිදු වෙයි. පර්යේෂණ මට්ටමින් දෝෂය ස්ත්‍රියගේ ද පුරුෂයාගේ ද නිරීක්ෂණය කළ පසු ඖෂධ යෙදීම කරයි.
මේ ප්‍රතිකාරවලදී පත්යා පත්ය රැකීම සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුමය. ඒ සඳහා ආයුර්වේද වෛද්‍යවරුන් ලබා දෙන උපදෙස් නිසි ආකාරවම පිළිපැදීමට රෝගියා සතු වගකීමක් මෙන්ම යුතුකමක් බව ද කිවයුතුය.