ඉකුත් වසරේ අවසන් කාර්තුවේදී ආර්ථික වර්ධනයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 8, 2021

ඉකුත් වසරේ අවසන් කාර්තුවේදී ආර්ථික වර්ධනයක්

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල මධ්‍යයේ වුව ද 2019 වසර හා සැසඳීමේදී පසුගිය වසරේ අවසන් කාර්තුවේ දී මෙරට ආර්ථිකය සියයට 1.3කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති නිවේදනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව සඳහන් කළේය. 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තුමේන්තුවලට අනුව පසුගිය වසරේ දී මෙරට ආර්ථිකය සියයට 3.6කින් සංකෝචනය වී තිබෙන අතර එය මුලින් පුරෝකථනය කළ සංකෝචන අගයවලට වඩා අඩු යැයි ද මහ බැංකුව කියයි. 

ලිහිල් මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින් නිර්මාණය වූ ආර්ථික වර්ධනය සඳහා හිතකර පරිසරයත් දේශීය වශයෙන් කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමත් අපේක්ෂිත මට්ටමට වඩා ශක්තිමත් ලෙස ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන්ගේ ආර්ථික යථා තත්ත්වයට පත් වීමත් හේතුවෙන් මැදි කාලීනව ශ්‍රී ලංකා ආර්ථිකය ඉහළ වර්ධන වේගයක් වාර්තා කරනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.

Classified_Ad

Classified_Ad_News_Bottom