

අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා මෙන්ම, පෘථිවිය වටා කක්ෂගත වූ පළමු මිනිසා ලෙස ඉතිහාසයට එක් වූ සෝවියට් ගගනගාමී යූරි ගගාරීන් ය. නිරවි යුද සමයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය (සෝවියට් සංගමය) අතර අභ්‍යවකාශය ජය ගැනීම සඳහා පැවැති තරගයේ දී විශිෂ්ට ජයක් අත්පත් කර ගනිමින්, ගගාරීන් අභ්‍යවකාශයට ගියේ 1961 අප්‍රේල් 21 වැනිදාය. ගගාරීන් යළි පොළොවට පැමිණියේ සෝවියට් සංගමයේ වීරයකු ලෙසය.
යූරී ගගාරීන්ගේ අභ්‍යවකාශ වික්‍රමයට වසර 60 ක් පිරීම නිමිත්තෙන් සහ ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් මුද්දර සහ ඡායාරූප ප්‍රදර්ශනයක් පසුගිය 6 වැනිදා සවස ආරම්භ වුණු අතර, දින දෙකක් තිස්සේ පැවැත්විණි.



ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස නිපුණතා සංවර්ධනය සහ වෘත්තීය පුහුණු අමාත්‍ය ආචාර්ය සීතා අරඹේපොල මහත්මිය, දුරස්ථ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද පැමිණ සිටියහ.
ඊට අමතරව, ශ්‍රී ලංකා නියෝජ්‍ය රුසියන් තානාපති ඇලෙක්සි බුදනෝව්, අමාත්‍ය උපදේශක ශ්‍රී ලංකා රුසියන් මිත්‍ර සංගමයේ ගරු ලේකම් දොස්තර සමන් වීරසිංහ, ශ්‍රී ලංකා රුසියා තානාපති කාර්යාලයේ පළමු ලේකම් සහ රුසියන් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඇනෙස්ටාසියා කොක්ලෝවා මහත්මිය සහ කොළඹ රුසියන් මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක් වී සිටියහ.



රුසියානු මධ්‍යස්ථානය විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා රුසියා මිත්‍ර සංගමය සහ ප්‍රවීණ මුද්දර විශේෂඥයකු වන ශ්‍රී ලංකා මුද්දර සංගමයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික සහ අන්තර් ජාතික මුද්දර මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ සාමාජික අනුර සමරවීර මහතාගේ ‘අභ්‍යවකාශ තරණය’ පිළිබඳ මුද්දර එකතුව සමඟිනි.
එදා මීට අවුරුදු 60 කට පෙර, යූරි ගගාරීන් ලංකාවට පැමිණි අවස්ථාවේ මල් මාලයක්දී පලදවා ඔහු පිළිගැනීමට පාසල් දැරියකට අවස්ථාවක් ලැබුණි. එම දැරිය අද මැගිලින් නෝනා මහත්මියයි.


මෙම උත්සවයට විශේෂ ආරාධිත අමුත්තියක ලෙස ඇය ද සහභාගී වූ අතර එය සුවිශේෂී සිදුවීමක් විය. අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා ලෙස යූරි ගගාරීන්, ශ්‍රී ලංකාවට පැමිණියේ, එම වික්‍රමයෙන් මාස කීපයක් ගත වෙද්දීය.
ශ්‍රී ලංකා සංචාරය අතරතුරේ ගගාරීන් වෙනුවෙන් පැවැති උණුසුම් පිළිගැනීම් ඇතුළත් සදා අමරණීය මතක සටහන් ඇතුළත් ඡායාරූප එකතුවක් ද ප්‍රදර්ශනයට එක් කර තිබීම විශේෂත්වයකි.
යූරි ගගාරීන්ගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ජාතික පුවත්පත් පළ කළ ලිපි ඇතුළත් ඡායාරූප පෙළක් ද සහ ජාතික ලේඛනාගාරයේ ආරක්ෂිතව පැවැති තොරතුරු ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වෙයි.
ඡායාරූප -
ගයාන් අමරසේකර
ලංකාදිප