විකෘති ප්‍රභේද ආසාදනය වූ 12 ක් හමුවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 8, 2021

විකෘති ප්‍රභේද ආසාදනය වූ 12 ක් හමුවෙලා

විදේශීය කොරෝනා විකෘති වයිරස ප්‍රභේද ආසාදනය වූ තවත් 12 දෙනකු මෙරටින් අලුතින් හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

දකුණු අප්‍රිකාවේ විකෘති වයිරස ප්‍රභේදය (බී 351) ආසාදනය වූ දෙදෙනෙක් ද, බ්‍රිතාන්‍යයේ විකෘති වයිරස ප්‍රභේදය (බී117) ආසාදනය වූ හත් දෙනෙක් ද, සෙන්මාර්ක්ස් විකෘති වයිරස ප්‍රභේදය (බී428) ආදානය වූ තිදෙනෙක් ද ඊට ඇතුළත් වෙති.

දකුණු අප්‍රිකා විකෘති කොරෝනා වයිරස් ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනා හා බ්‍රිතාන්‍ය විකෘති ප්‍රභේදය ආසාදනය වූ හත් දෙනාගෙන් හය දෙනකු හමුවී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින් යැයි ද ජීවන්දර මහතා කියයි. 

මෙම විකෘති වයිරස ප්‍රභේද ආසාදනය වූ 12 දෙනා වෙන් කර නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

දකුණු අප්‍රිකා විකෘතිය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතින් අඩපණ කළ නොහැකි බව ද පැවැසෙයි. 

Classified_Ad