ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවෝ 41ක් රඳවාගෙන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 18, 2021

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවෝ 41ක් රඳවාගෙන

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41දෙනෙකු පමණ දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබියාවේ රියාද් නුවර අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය කියා සිටී. 

මාස 18 පමණ කාලයක් එම කාන්තාවන් පිරිස රියාද් හී සෞදි රැදවුම් කදවුරක රඳවා තබාගෙන සිටින බවද නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය වැඩිදුරටත් සදහන් කර සිටී. 

අදාළ කාන්තාවන්ට එරෙහිව කිසිදු චෝදනාවක් පිළිබඳ මෙතෙක් දැනුම් දී නොමැති අතර ඔවුන් රඳවා තබාගැනිමේ හේතුව පිළිබඳව ද නීත්‍යානුකූල දැනුම්දීමක් සිදුකර නොමැති බවද එම ඇමිනෙස්ටි වාර්තා වේ සදහන් වේ.

එම කාන්තාවන්ගෙන් තිදෙනෙකුට කුඩා දරුවන් ද සිටින අතර ඔවුන් සියලුදෙනා කඩිනමින් මෙරටට ගෙන්වාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගත යුතු බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙයි. 

අවම වශයෙන් ශ්‍රී ලාංකික කාන්තාවන් 41 දෙනා ගෙන් බහුතරයක් සංක්‍රමණික ගෘහ සේවිකාවන් වන අතර, රැදවුම් කදවුරක අත්තනෝමතික ලෙස රඳවාගෙන මාස ගණනක් ගත කර සිටින ඔවුන් නැවත සිය රට වෙත යෑමට බලා සිටින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය කියා සිටී.

Classified_Ad