තායිවාන ප්‍රවාහන ඇමැති ඉල්ලා අස්වෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 5, 2021

තායිවාන ප්‍රවාහන ඇමැති ඉල්ලා අස්වෙයි

පනස් දෙනකුට මරු කැඳවමින් පසුගිය සිකුරාදා (2) තායිවානයේ සිදුවුණු දුම්රිය අනතුරින් පසු එරට ප්‍රවාහන ඇමැති ලින් චියා ලන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. 

අනතුරට ලක් වෙද්දී දුම්රියේ 500 කට වැඩි පිරිසක් සිටි අතර, අනතුරින් 250 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. දුම්රිය මගීන් අතරේ, විදෙස් සංචාරකයෝ ද සිටියහ. 

දුම්රිය පීලි පැන අනතුරට ලක් වූයේ උමඟක් තුළය. ඒ, දුම්රිය උමඟ පිවිසුම අසල, දුම්රිය මාර්ගයට ආසන්නයේ තිබූ නඩත්තු ට්‍රක් රථයක හැපීමෙනි. 

අනතුර සිදුවෙද්දී, දුම්රිය මාර්ගය අසල නඩත්තු කටයුතු සිදුවෙමින් තිබුණු අතර, නඩත්තු සේවකයන්ගේ නොසැලකිල්ල නිසා දුම්රිය මාර්ගයට මදක් ඉහළින්, නවතා දමා තිබුණු එම නඩත්තු ට්‍රක් රථය තිරංග දෝෂයක් හේතුවෙන්, දුම්රිය මාර්ගය ආසන්නයට ලිස්සා ගොස් ඇතැයි විමර්ශනවලින් හෙළි විය.

දශක 4 කට පසු තායිවානයේ සිදුවුණු දරුණුතම දුම්රිය අනතුර ලෙස මෙයයි.

දුම්රිය පීලි පැනීම සම්බන්ධයෙන් එහි වගකීම තමන් බාර ගන්නා බවත්, එහෙයින් තමන් තම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ප්‍රවාහන ඇමැති ලින් චියා ලන්ග් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ද සටහනක් දමමින් පවසා තිබේ. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom