චීනයේ කොරෝනා අවසන් නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 19, 2021

චීනයේ කොරෝනා අවසන් නෑ

සති තුනකට පසු රට තුළින් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වී ඇතැයි චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කළේය. 

ඒ අනුව අප්‍රේල් 20 වැනිදාට පසු රට තුළින් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය යැයි ද චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. 

චීනයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි පළාතක් වන අන්හුයි පළාතෙන් වයිරස ආසාදිතයන් දෙදෙනකු හඳුනාගෙන ඇතැයි එම කොමිසම සඳහන් කළේය. ආසාදිතයන් හමුවී ඇත්තේ පසුගිය 14 වැනිදාය.

ඒ අනුව අලුතින් හමුවුණු සමස්ත ආසාදිතයන් ගණන 7 තෙක් ඉහළ ගියේය.

චීනයේ යුනාන් පළාතෙන් මාර්තු මස අගදී නව කොරෝනා වයිරස ආසාදිතයන් දෙදෙනකු වාර්තා වීමත් සමඟ නව පොකුරක් ද නිර්මාණය විය. යුනාන් යනු චීනයේ වයඹ දෙසට වන්නට පිහිටි පළාතකි. මෙම පළාතේ මියන්මාරයට මායිම් වන නගරයකින් එම ආසාදිතයන් දෙදෙනා හඳුනාගෙන තිබිණි. 

රට තුළින් හඳුනාගත් ආසාදිතයන් දෙදෙනා හැර ඉතිරි පස්දෙනා විදෙස් ගතව සිට චීනයට පැමිණි අය යැයි ද චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පැහැදිලි කර තිබේ.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයෙන් බව සැක කෙරේ. මුල් වරට නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනාගැනුණේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. 

කෙසේ නමුත් මේ වනවිට චීනය නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කළ රටක් ලෙස පිළිගැනේ. චීනයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 90,815ක් වන අතර එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 4,636කි. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom