රට තුළ සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

May 19, 2021

රට තුළ සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමයක්

sample-ad-complete-big
untitled-0183.jpg.optimal
දිවයිනට පැමිණ සිටින විදේශික සංචාරකයන් හට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමට හැකි බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය. 

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් කීවාය. ඒ අනුව මේ වන විට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙරටට පැමිණ සිටින සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය ඔස්සේ පළාත් අතර සංචරණය කළ හැකි බව අධ්‍යක්ෂක ජෙනරාල්වරිය කියයි. 

කෙසේ වෙතත් සංචාරක ජෛව බුබුළු ක්‍රමවේදය ඔස්සේ සංචාරකයන් රැගෙන යාමේ දි සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කිරීමට කටයුතු කරන්න යැයි සංචාරකයින් ගෙන්විමට කටයුතු කර ඇති ආයතන හා පුද්ගලයින්ට දැඩි ලෙස උපදෙස් දී ඇති බවත් එලෙස කටයුතු නොකරන පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය වැඩිදුරටත් සදහන් කළාය. 

කොවිඩ් තුන්වන රැල්ල ආරම්භයත් සමග රට තුළ දැඩි සංචරණ සීමා පැනවීමත් සමග සංචාරක ජෛව බුබුළු ක්‍රමවේදය ඔස්සේ මෙරටට පැමිණි සිටි සංචාරකයන්ට සංචරණයේ දී විවිධ බාධා එල්ලවන බවට තොරතුරු ලැබී ඇතැයි අධ්‍යක්ෂක ජෙනරාල්වරිය කියයි. 

ඒ පිළිබද ව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු දිවයිනට පැමිණි සිටින විදේශීය සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ බාධාවකින් තොරව නිෂ්චිත ස්ථාන කරා ගමන් කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව ඇය කීවාය.

Classified_Ad