වයිරසයට එරෙහි ගෝලීය සටනට සහාය දක්වනවා - චීනය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 24, 2021

වයිරසයට එරෙහි ගෝලීය සටනට සහාය දක්වනවා - චීනය

‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව ලෝකය කරගෙන යන සටනට සහාය දක්වමින් චීනය දැවැන්ත ගෝලීය මානුෂීය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් ඉකුත් දා පැවැසීය. 

චීන ජනාධිපතිවරයා විඩියෝ තාක්ෂණය ඔස්සේ චීනයේ බීජිං නුවර පැවැති ගෝලීය සෞඛ්‍ය සමුළුව අමතමින් ඉකුත් සිකුරාදා ඒ බව පැවැසීය. 

සීමිත නිෂ්පාදනය සහ දේශීය ඇති මහ පරිමාණ ඉල්ලුම හමුවේ වුවද හදිසි අවශ්‍යතා ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල් 80කට වැඩි සංඛ්‍යාවකට නොමිලේ කොවිඩ්-19 එන්නත් මාත්‍රා ලබාදීමටත් තවත් රටවල් 43කට එන්නත් මාත්‍රා අපනයනය කිරීමටත් චීනය පියවර ගත් බවත් හෙතෙම එහිදි කීය. 

“කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහාත් වසංගතයෙන් පීඩාවට පත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ආර්ථික සහ සමාජ තත්ත්ව නඟ සිටුවීමටත් අපි ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට වැඩි මුදලක් ලබා දී තිබෙනවා” යැයි ද චීන ජනාධිපතිවරයා කීය. 

චීනය රටවල් 150කට වැඩි සංඛ්‍යාවකට සහ ජාත්‍යන්තර සංවිධාන 13කට වෛද්‍ය සැපයුම්, මුඛ ආවරණ බිලියන 280ක්, ආරක්ෂිත ඇඳුම් කට්ටල බිලියන 3.4ක් සහ පරීක්ෂණ කට්ටල බිලියන 4ක් යවා ඇති බවත් ඔහු පැවැසීය.

‘කොවිඩ්-19’ වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා සහයෝගීතා යාන්ත්‍රණ ද ආරම්භ කර ඇති බවත් ඒ අනුව අප්‍රිකාවේ රෝහල් 41ක් චීනයේ රෝහල් සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවත් චීනයේ ආධාර ඇතිව අප්‍රිකාවේ රෝග පාලන හා නිවාරණ මූලස්ථානය ඉදිකිරීම පසුගිය වසරේ දී නිල වශයෙන් ආරම්භ වූ බවත් හෙතෙම කීය

ගෝලීය මානුෂීය කේන්ද්‍රස්ථානයක් චීනයේ පිහිටුවීමේ චීන-එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ඒකාබද්ධ ව්‍යාපෘතිය ද මේ වනවිට වැදගත් ප්‍රගතියක් අත්පත් කරගෙන ඇතැයි ඔහු කීවේය. 

ෂිංහුවා පුවත් සේවය

Classified_Ad

Classified_Ad_News_Bottom