යුද ගැටුම් ගැන අවධානයෙන් ඉන්න ! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 19, 2021

යුද ගැටුම් ගැන අවධානයෙන් ඉන්න !

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ සටන්කාමී සංවිධාන අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හා දැනට ඊශ්‍රායලය තුළ පවතින කලබලකාරි තත්ත්වය විශේෂ අවධනයෙන් සිටින්නැයි ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත. 

විශේෂයෙන්ම පවතින වාතාවරණය තුළ පිරිස වැඩි වශයෙන් ඒකරාශී වන ස්ථාන වල ගැවසීමෙන් හා අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වැළකී සිටින්නැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒරට රැදී සිටින ලාංකිකයින් ගෙන් ඉල්ලා සිටී. යම හෙයකින් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් සිය ගමන් බලපත්‍ර තමා සන්තකයේම තබා ගැනීමට කටයුතු කරන ලෙසද තානාපති කාර්යාලය ඒරට රැදි සිටින ලාංකිකයින්ට දැනුම් දී ඇත.

කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ගේ හදිසි අවශ්‍යතා වෙනුවෙන් ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපත් වන බව සදහන් වේ. මේ වන විට ශ්‍රි ලාංකිකයින් 5000 කට ආසන්න පිරිසක් ඊශ්‍රාලයේ සේවය කළ බවද ශ්‍රී ලංකා කානාපති කාර්යාලය කියා සිටී.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සතියකට ආසන්න කාලයක් පුරා පැවතෙන ගැටුම් වලින් මේවන විට 141කට අධික පිරිසක් ජීවතක්ෂයට පත් වූහ.මියගිය අයගෙන් 133 ක් පලස්තීනුවන් වන අතර ඊශ්‍රායල් ජාතිකයින් 8 දෙනකු මියගොස් තිබේ. පසුගිය සඳුදා සිට එල්ල කරන ලද ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 920 කට අධික වේ. 

මුස්ලිම් සහ යුදෙව්වන් අයිතිය කියන නැගෙනහිර ජෙරුසලමේ පිහිටි ශූද්ධ භූමියක් කේන්ද්‍ර කරගනිමින් ඇති වූ මෙම ගැටුම් හේතුවෙන් පලස්තීන හමාස් සටන්කරුවන් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර 2000 කට වැඩි ප්‍රමාණයක් ඒල්ල කර ඇති අතර ඒ් හේතුවෙන් ඊශ්‍රායලය ද ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර තවත් දැඩිකර තිබේ. 

එහෙත් එම රොකට්වලින් බහුතරයක් 'අයන් ඩෝම්' ලෙස හඳුන්වන ඊශ්‍රායල ආරක්ෂණ ආවරණය විසින් අතරමගදී බිඳ හෙලීමට එරට ආරක්ෂක අංශ පියවර ගත්හ. රොකට් ප්‍රහාර ගුවනේදී විනාශ කර දැමීමේ සියයට 90ක පමණ සාර්ථකත්වයක් 'අයන් ඩෝම්' පද්ධතිය සතුවීම විශේෂත්වයකි.

Classified_Ad

Classified_Ad_News_Bottom