ලාංකික සිසුවිය මියයෑම සම්බන්ධයෙන් අවධානය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 19, 2021

ලාංකික සිසුවිය මියයෑම සම්බන්ධයෙන් අවධානය

ජපානයේ රැදවුම් කඳවුරක රැඳී සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක වන රත්නායක ලියනගේ විශ්මා සදමාලි නැමැති තරුණිය ඉකුත්දා මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජපාන පාර්ලිමේන්තුවේ විශේෂ අවධානය යොමුව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. 

ජපානයේ රැඳීසිටින සරණාගතයින් සඳහා වන සංක්‍රමණ නීතිය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත් විවාදයේදී අදාළ ශිෂ්‍යාව සම්බන්ධයෙන් ජපාන පාර්ලිමේන්තුවේදී මේ බව අවධානය යොමුව ඇතැයිද ඒම තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ. 

අදාළ ලාංකික සිසුවියගේ මරණය සම්බන්ධයෙන් වූ අධිකරණ වාර්තාවේ මරණයට හේතුව නිශ්චිතව සඳහන්කර නොමැති බව ජපාන පාර්ලිමේන්තුවේදී පෙන්වාදී තිබේ.

එම ශිෂ්‍යාව මියයෑමට හේතුව ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම බවත්, දින නියමයක් නොමැතිව පුද්ගලයින් රඳවා තබා ගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් එරට විපක්ෂය විසින් ජපාන පාර්ලිමේන්තුවේදී පෙන්වාදී ඇති බව වාර්තා වේ. 

ජපාන රජය හඳුන්වා දී ඇති නව සංක්‍රමණ නීති පනත් කෙටුම්පත මගින් ද සරණාගතයින්ගේ ගැටලුවට නිසි විසදුමක් නොලැබෙන බැවින් සරණාගතයින්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක අවශ්‍යතාව පෙන්වා දී තිබේ. 

මේ අතර ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද අදාළ ශ්‍රී ලාංකික ශිෂ්‍යාව මියයෑම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇතැයිද සදහන් වේ වීසා කාලය ඉක්මවීම හේතුවෙන් පිටුවහල් කිරීමේ නියෝගයක් ලබා සිටි 33 හැවිරිදි අදාල ශිෂ්‍යාව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට රඳවා තැබීමේ කඳවුරක සිටියදී ඉකුත් මාර්තු 6 වැනිදා ජීවතක්ෂයට පත් වුණි. 

මිය යෑමට පෙර පසුගිය ජනවාරි මස 6වන දින සිට තමාට උදරාබාධ තත්ත්වයක් ඇති බවට ඇය විසින් දැනුම්දී තිබියදී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත් වූවාය.

෴ තිළිණි ද සිල්වා
උපුටා ගැනීම - ලංකාදීප මැදපෙරදිග

Classified_Ad

Classified_Ad_News_Bottom