ශලනි සිරස කුමරිය වෙලා අවුරුදු 14 යි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 20, 2021

ශලනි සිරස කුමරිය වෙලා අවුරුදු 14 යි

ශලනි තාරකා පුංචි තිරයෙන් නිරන්තරයෙන් දකින්න ලැබෙන ආදරණීය රංගන ශිල්පිනියකි. එපමණක් නොව, ශලනි සම්මානනීය ටෙලි නිළියකි. රිදී තිරය ද ඇයට ආගන්තුක නැත. 
අද බොහෝ දෙනකුගේ ආදරයට පාත්‍ර වුණු ශලනි, දක්ෂ රංගන ශිල්පිනියක් බවට පත්වූයේ, මීට වසර 14 කට පෙර ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ ඒ සුවිශේෂී සිදුවීමෙන් පසුවය. 

ශලනි රංගන ශිල්පිනියනක පමණක් නොව, දක්ෂ රංගන ශිල්පිනියක ලෙස ද කලා ක්ෂේත්‍රයට පිවිසියේ 'සිරස ටීවී' නාළිකාවේ, 'සිරස කුමරිය' ලෙස කිරුළු පැලඳීමෙනි.
සිත් ඇදගන්නා නිරූපිකාවක ලෙසත්, ටෙලි නිළියක ලෙසත්, සිනමා නිළියක ලෙසත් කැපී පෙනෙන චරිතයක් වීමට ශලනිට මඟ සකස් කළේ සිරස ටීවී නාළිකාවේ 'සිරස කුමරිය' යි. 
ශලනි සිරස කුමරිය ලෙස කිරුළු පැලඳියේ මීට වසර 14 කට පෙරය. ඒ සම්බන්ධයෙන් ශලනි ඇගේ ෆේස්බුක් ගිනුමේ මෙසේ සටහනක් පළ කළාය.

"හරියටම අවුරුදු 14 කට පෙර 2007 මැයි 17 මගේ ජීවිතේ සුවිශේෂි දිනයක්. 17 වැනි විය නොපිරුනු මා හට කලාවේ දොරගුලු විවර වුණා. සිරස ආයතනයත් එවකට 'සිරස කුමරිය' තරගාවලිය මෙහෙයවු කාර්ය මණ්ඩලයත් මාගේ ආදරණීය සොයුරියන්වත් ආදරයෙන් සිහිපත් කරනවා. එදාමෙදාතුර 13 වසරක කලා ගමනේ මට ආශිර්වාදයක් වූ සැමටත් ශක්තියක් වූ ඔබටත් ස්තූතියි.''

Classified_Ad

Classified_Ad_News_Bottom