ස්පුට්නික් 5 එන්නත ලබා දිම ඇරැඹේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 6, 2021

ස්පුට්නික් 5 එන්නත ලබා දිම ඇරැඹේ

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම අද (6) පෙරවරුවේ ආරම්භ කෙරි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණ. 

රුසියාවේ ගැමීලියා සමාගමේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ පළමු කාණ්ඩය ලබාදීම අද පෙරවරුවේ ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ මාදින්නා ගොඩ පුරාණ රාජ මහා විහාරස්ථානයේදී ආරම්භ කෙරිණ.

වසරක් ඇතුළත ස්පුට්නික් 5 එන්නතත් ලක්ෂ 65ක් මෙරට ජනතාවට ලබාදෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 

ස්පුට්නික් 5 එන්නතේ ලක්ෂ 130ක් මේ වසර තුළදී ශ්‍රී ලංකාවට ලැබෙන බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා කීය. 

රංජන් කස්තුරි 
ඡායාරූප - ශාන්ත රත්නායත 
උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad