චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් විඩියෝ තාක්ෂණය ඔස්සේ ඉකුත් දා පැවැත්විණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන පක්ෂවල නායකයන්, කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවකට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙය සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම උත්සවය ඇමතීය.
“යුද්ධයට පෙරත් යුද්ධයට පසුත් චීනය අපේ නිදහස වෙනුවෙන් බොහෝ දායකත්වය දක්වා තිබෙනවා. අපි එය අගය කරනවා” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
සතුටේදීත් දුකේදීත් දෙරටේ මිත්‍රත්වය ඒ ආකාරයෙන්ම පවතින බව ද අග්‍රාමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උත්සවය ඇමතීය.
චීනය ලොව විශාලම ආර්ථිකයක් බවට පත්වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලිකත්වයෙන් යැයි මෙම අවස්ථාව ඇමතූ එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායක ඩීව් ගුණසේකර, ලංකා සම සමාජ පක්ෂයේ මහලේකම් මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු ද මෙම අවස්ථාව ඇමතූහ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සොන්ග් තාඕ, ශ්‍රී ලංකාවේ චීින තානාපති චී ෂෙන්හොන්ග් යන මහත්වරුද මෙම අවස්ථාවේදී අදහස් දැක්වූහ.
෴ හර්ෂණ තුෂාර සිල්වා
ෂිංහුවා ඇසුරිනි