පහරදීමක් සිදුවෙලා නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 19, 2021

පහරදීමක් සිදුවෙලා නෑ

ඉන්දීය නාවික හමුදාව මෙරට ධීවරයන් පිරිසකට පහර දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්‍ය යැයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

ඉන්දීය නාවික හමුදාව තම වගකීම් නිර්දෝශී අයුරින් ඉටු කරන ඉතා විනයගරුක සහ වෘත්තීමය හමුදාවක් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි. 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සියලු ධීවර ගැටලු, ස්ථාපිත කර තිබෙන ද්විපාර්ශවීය යාන්ත්‍රණ සහ අවබෝධතා හරහා මානුෂීය ආකාරයකින් විසඳාගැනීමට ඉන්දියාව දැඩිව කැප වී සිටින බව ද එම කාර්යාලය තවදුරටත් සඳහන් කරයි. 

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom