රජයේ රෝහල්වලින් එන්නත් දෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 27, 2021

රජයේ රෝහල්වලින් එන්නත් දෙයි

දිවයිනේ සියලුම රජයේ රෝහල්වලින් කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ළඟදීම අරඹන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එන්නත් තවත් තොග ලැබීමට නියමිත බවත් එම තොග ලැබුණු වහාම එම වැඩපිළිවෙළ අරඹන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේය.

එන්නත් තොග ලැබුණු වහා එන්නත්කරණය කරන රෝහල් සහ එම කටයුතු සිදු කරන වේලාව ජනතාවට දැනුම් දීමට පියවර ගන්නා බව කී ගුණවර්ධන මහතා අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එහිදී වැඩි අවධානය යොමු කෙරෙන බවද සඳහන් කළේය .

Classified_Ad

Classified_Ad_News_Bottom