රට රැකියා යන අයට කඩිනමින් එන්නත් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Jun 27, 2021

රට රැකියා යන අයට කඩිනමින් එන්නත්

විදෙස් රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව යන ශ්‍රමිකයන්ට කඩිනමින් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය අනුමැතිය හිමිව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව විදෙස්ගත වීමට අපේක්ෂා කරන ශ්‍රමිකයින්ට අදාළ රට නිර්දේශ කරන එන්නත් ලබා දීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සහ එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පැහැදිලි කර තිබේ.

මේ වන විට මෙරට තුළ චීනයේ සයිනෝෆාම් එන්නත ඇති බැවින් එම එන්නත අනුමත කරන රටවල් සඳහා පුද්ගලයන් පිටත් කර හැරීමට වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද මංගල රන්දෙණිය මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

චීනයේ සයිනෝෆාම් ප්‍රතිශක්තිකරණ එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේනය, ඇතුළු මැදපෙරදිග කලාපයට‌‌ අයත් බොහොමයක් රටවල අනුමැතිය හිමිව ඇති එන්නතකි.

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad