කොරෝනා සැර ප්‍රභේද ලංකාවේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 19, 2021

කොරෝනා සැර ප්‍රභේද ලංකාවේ

ඉන්දියාවේ වේගයෙන් පැතිර යන බී.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් පස් දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවී ඇතැයි කොරෝනා නව වයිරස ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසා තිබේ.

මීට අමතරව බ්‍රිතාන්‍යයේ පැතිර ඇති බී117 ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනයවූ ආසාදිතයන් පිරිසක් තවත් ප්‍රදේශ පහකින් සොයාගත් බවද ඔහු සඳහන් කර ඇත.

සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සඳහන් කරන අන්දමට ඉන්දියාවේ මේදිනවල සීග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදය මෙරට සමාජයෙන් හමුවූ පළමු අවස්ථාව මෙයයි. ඩෙල්ටා ඉන්දීය කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනකු මෙයට පෙර මෙරටින් හමුවූවත් ඔවුන් දෙදෙනාම සොයාගෙන තිබුණේ මෙරට නිරෝධායන මධ්‍යස්ථාන දෙකකිනි. 

මෙම ඉන්දීය වයිරස ප්‍රභේදය මෙරට මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන බී117 ඇල්ෆා බ්‍රිතාන්‍ය වයිරස ප්‍රභේදයට සාපේක්ෂව පැතිරීමේ සීඝ්‍රතාව සියයට 50කින් පමණ ඉහළ අගයක් ගන්නා බවත් ඉන් දරුණු රෝග ඇතිවීමේ හැකියාවද වැඩි බවත් චන්දිම ජීවන්දර මහතා පෙන්වා දී ඇත. එසේම එක් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවකින් මෙම ඉන්දීය ප්‍රභේදය පාලනය කළ නොහැකි බවත් ඔහු පැහැදිලි කර තිබේ.

ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් හමු වී ඇත්තේ කොළඹ 6, කොළඹ 8 ,කොළඹ 10 , මඩකලපුව සහ ගාල්ල කරාපිටිය ප්‍රදේශවලිනි. මෙම සැර කොරෝනා වයිරස ප්‍රභේද ආසාදනය වූ පුද්ගලයන් හමු වීමෙන් පසුව ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් වෙන්කර නිරෝධායනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති. 

Classified_Ad

Classified_Ad_News_Bottom