'තෝර්' ට කොවිඩ් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 19, 2021

'තෝර්' ට කොවිඩ්

දෙහිවල සත්වෝද්‍යානයේ  'තෝර්' නමැති සිංහයාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

කොවිඩ් ආසාදිත එම සිංහයා සත්වෝද්‍යානයේම වෙනම ස්ථානයක නිරෝධායනයට යොමු කර ඇති බව මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාය.

මීට අමතරව, දෙහිවල සත්වෝද්‍යානයේ හිපෝ සහ සීබ්‍රා පැටවකු මීට දින කිහිපයකට පෙරදී හදිසියේම මිය ගොස් ඇති අතර එම සතුන් දෙදෙනාද කොරෝනා වැළඳී මිය ගියේ දැයි සැකයක් පවතී.

සිංහයාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සත්වෝද්‍යාන සේවකයෝ නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති. ඔවුන් පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමටද කටයුතු කළ බව වනජීවී රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

Classified_Ad