ඇල්සයිමර් ඔසුවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 8, 2021

ඇල්සයිමර් ඔසුවක්

ඇල්සයිමර් Alzheimer රෝගයට ප්‍රතිකර්මයක් ලෙස නිපදවා ඇති නව ඖෂධයකට ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය U.S. Food and Drug Administration (FDA) ඊට අනුමැතිය හිමිවිය. 

ඇල්සයිමර් රෝගයට එරෙහිව මෙසේ ඖෂධයක් හඳුන්වා දීම සිදුවන්නේ වසර 20 කට පසුව වන අතර, ඇමෙරිකාවේ ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන මිලියන 6.2 කටත් ලොව පුරා වාර්තාවන ඇල්සයිමර් රෝගීන්ටත් මෙය සැබැවින්ම සුබ ආරංචියකි. ඇල්සයිමර් යනු මොළයට බලපාන රෝගී තත්ත්වයකි. 

මෙම ඖෂධය හැඳින්වෙන්නේ 'ඇඩියුකේනුමැබ්' (aducanumab) යන නමින්ය. ඇල්සයිමර් රෝගයේ දී සිදුවන්නේ මතක ශක්තිය අඩුවී සිතීමේ හැකියාව හීන වී මොළය අක්‍රිය තත්ත්වයකට පත්වීමය. එසේ වූ විට එය යළි යථා තත්ත්වයට පත් කළ නොහැකිය. 

ඇල්සයිමර් රෝග ලක්ෂණ මතුවන්නේ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට වන නමුත් අවුරුදු 30 ත් 40 ත් පසුවන්නන් පවා ඇල්සයිමර්වලට ගොදුරුවීමේ නැඹුරුවක් පවතී. ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ බයෝජන් Biogen ජෛව තාක්ෂණ සමාගම විසින් මෙම නව ඖෂධය නිර්මාණය කරනු ලැබ ඇත. 

 ඇල්සයිමර් රෝගයට ගොඳුරු වන්නන් මුල් කාලයේ දී හඳුනා ගෙන 'ඇඩියුකේනුමැබ්' ඖෂධය එම රෝගීන්ට ලබා දීමේදී ඔවුන්ගේ මොළයේ ඇතිවන 'ඇමයිලොයිඩ් බීටා' නමැති ඇලෙනසුළු ප්‍රෝටීන තැන්පතු ඉවත් කෙරෙන බව වෛද්‍යවරු පවසයි. 

'ඇඩියුකේනුමැබ්' ඇල්සයිමර් රෝගීන් සුවපත් කරන ඔසුවක් නොවන බවත්, ඇල්සයිමර් රෝගීන් හඳුනා ගන්නා පළමු අවස්ථාවේ, ඔවුන්ට එය ලබා දී සුවපත් කළ හැකි බවත් වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.

CNN

Classified_Ad

Classified_Ad_News_Bottom