නවසීලන්ත අගමැතිනිය එන්නත ගනී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 19, 2021

නවසීලන්ත අගමැතිනිය එන්නත ගනී

'කොවිඩ් 19' ‌හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භයේ පටන්, එය ඉතා හොඳින් පාලනය කර ගැනීමට සමත් වුණු රට නවසීලන්තයයි. මෙසේ පවසන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නවසීලන්ත රජයටත්, සෞඛ්‍ය අංශවලටත්, අගමැතිනී ජැසෙන්ඩා ඒර්ඩන්ටත් ප්‍රශංසා කර ඇත්තේ ද මේ නිසාය. 

මේ වනවිට නවසීලන්ත වැසියන්ට 'ෆයිසර්' ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම සිදුවෙයි. නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ද 'ෆයිසර්' එන්නත ලබා ගත්තාය. එන්නත ලබා ගැනීමෙන් පසු ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් කෙටි සටහනක් ද පළ කළාය‍. 
අද දින මා පන්ලක්ෂ හැට අටහත්දහස් එකසිය අසූ අටක් වූ අනෙකුත් නවසීලන්ත වැසියන් මෙන්ම මාගේ ෆයිසර් එන්නත ලබා ගතිමි. ඕක්ලන්ඩ් මැනුරෙවා එන්නත් විදිමේ මධ්‍යස්ථානය වෙත ඉක්මනින්ම ගොස් එහි සේවයේ නියුතු අතිවිශිෂ්ට සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායම අතින් මා එම එන්නත ලබාගත්තෙමි. 

මේ වන විට තුන්ලක්ෂයකට අධික ජනතාව එන්නත් දෙකම ලබා ඇති බව මා ඉතා සතුටින් පවසමි. ඉදිරි දින කිහිපය තුළ අපි මිලියනයේ කඩඉම පසුකරන්නට අදිටන් කර සිටිමු. මා එන්නත ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ එක් අයකු මගෙන් විමසා සිටියේ, 'එන්නත ලබාගැන්මට ඔබ මෙතරම් ප්‍රමාද වූයේ ඇයි?' යන්නයි. 

එම ප්‍රශ්නය සාධාරණය. 

ඊට හේතුව, අප රජයක් විදියට කොවිඩ් මර්ධනයෙහිලා කැපවෙමින් සිටින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දීමයි. මේ වසංගතය මර්දනය කිරීමෙහිලා එන්නතෙහි ඇති වැදගත්කම, ඵලදායිබව පිළිබද නවසීලන්තයට පෙන්වන්නට අවැසි වූ නිසා මා කඩිනමින් එන්නත ලබා ගැනීමට තීරණය කළා.

 මේ වනවිට අප ජනතාවට පහසුවෙන් එන්නත ලබාගතහැකි ක්‍රමවේද හඳුන්වා දී තිබෙනවා. 60 ට වැඩි අයට ජූලි 28 වන දින සිටත්, 55ට වැඩි අයට අගෝස්තු 11 දින සිටත් එන්නත ලබාගැනීමට අවශ්‍ය පෙර සූදානම් කටයුතු කරගන්නා ලෙසත් වෙන්කරගැනීම් සිදුකරගන්නා ලෙසත් දන්වා සිටිනවා. 

අප මේ පිළිබඳව ඔබව අඛණ්ඩව දැනුවත් කරන බවත් මතක් කළ යුතුයි. එංගලන්තය එන්නත ලබාදුන් ආකාරයටම අප අපේ වැඩිහිටි කිවියන්ට ප්‍රමුඛතාව ලබාදී වයස් අනුව එන්නත ලබාදීමේ ක්‍රියාවලියේ නිරත වී සිටිනවා. එබැවින් එන්නත සඳහා වන ඉල්ලුම හා සැපයුම අඛණ්ඩව සිදුවේවි. 

ඔබගේ වයස් කාණ්ඩය පිළිබඳව නිවේදනය කිරීමෙන් පසු ඔබට ඕනෑම තැනකින් එන්නත ලබා ගත හැක. එහෙත් ඉක්මන් වීම වඩාත් හොඳය. ෆයිසර් එන්නත සියල්ලන්ටම ලබාදෙනු ඇත. අවුරුදු 16 හා ඊට වැඩි සියල්ලන්ටම මේ වසර අවසානයට පෙර එන්නත ලබාදීම අපේ අධිෂ්ඨානයයි. ඔබේ වයස් ඛාණ්ඩයට එන්නත් ලබාදෙන විට සෞඛ්‍යය අමාත්‍යාංශය, එන්නත ලබාගැනීමට ඔබට ආරාධනා කරාවි. 

Email, WhatsApp, SMS හරහා ඔබට පණිවුඩ ලැබෙනු ඇත. Book my vaccine ඔන්ලයින් ජාතික වැඩසටහන ඔස්සේ ඔබට පළමු හා දෙවන මාත්‍රා සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගත හැකිය.

සති තුනක පරතරය තබා මෙලෙස දිනයක් සහ වේලාවක් වෙන් කරන්නැයි ඔබෙන් ඉල්ලා සිටින්නත් කැමතියි. 

සියල්ලට එන්නත ලබාදීමෙන් මෙරට ආරක්ෂාව සහ නිදහස ද, කොවිඩ් වසංගතය පාලනය කළ හොඳම රටක් ලෙස නවසීලන්තය ලබාගත් ස්ථානය තවත් තහවුරු කිරීම අපේ අපේක්ෂාවයි. 

එන්නත කොවිඩ් 19 වයිරසයට එරෙහිව සටන් වදින හොඳම අවියයි. අප එන්නත්කරණය සිදුකිරීමෙන් අපගේ ආදරණීයන්ද ආරක්ෂා වේවි. එබැවින් එන්නත ලබාගත හැකි මුල් අවස්ථාවේදීම එන්නත ලබා ගෙන ආරක්ෂා වෙන්න. ඔබේ ආදරණීයයන් ආරක්ෂා කර ගන්න. ඊට පහසුකම් අප ලබා දෙනවා. ඔබ එයින් ප්‍රයෝජන ගන්න.''

Classified_Ad

Classified_Ad_News_Bottom