දේශසීමා පිවිසුම තලේබාන් ග්‍රහණයේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 15, 2021

දේශසීමා පිවිසුම තලේබාන් ග්‍රහණයේ


ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කිරීමත් සමඟ, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා පිවිසුම අල්ලා ගැනීමට තලේබාන් ත්‍රස්තයන් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

තම සාමාජිකයන්, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය සම්බන්ධ වන 'ස්පින් බෝල්ඩක්' දේශසීමා පිවිසුම අත්පත් කරගත් බව මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තලේබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහිදීන්ය. 

කෙසේ නමුත් ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ, 'ස්පින් බෝල්ඩක්' දේශසීමා පිවිසුම තවමත් ඇෆ්ගන් රජයේ හමුදා ග්‍රහණයේ පවතින බවය. 

තලේබාන් ත්‍රස්තවාදීන් දේශසීමා පිවිසුම අත්පත් කර ගැනීමට ප්‍රහාරයක් එල්ල කළ නමුත්, එය ව්‍යර්ථ කිරීමට ඇෆ්ගන් හමුදාව සමත් වූ බව අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ අතර පාකිස්තාන රජය සහ හමුදාව පවසා ඇත්තේ, 'ස්පින් බෝල්ඩක්' දේශසීමා පිවිසුමේ තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් දකින්න ලැබෙන බවත්, මේ වනවිට පාකිස්තානය දෙසින් දේශසීමා වසා දමා ඇති බවත්ය. 

ඇෆ්ගනිස්තානයේ සිට කිසිවකුට පාකිස්තානයට ඇතුළුවීමට අවසර නොදෙන බව පාකිස්තාන හමුදාව පවසා තිබේ. 

ඇමෙරිකා සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කර ඇත්තේ ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානයේ දේශපාලනික අංශය අතර ඇතිකරගත් සාම වැඩපිළිවෙළකට අනුවය. 

කෙසේ නමුත් තලේබාන් සංවිධානයේ සන්නද්ධ අංශයේ ඇතැම් සන්නද්ධ කල්ලි මෙම සාම වැඩපිළිවෙළ අනුමත කරන්නේ නැත. ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ මොවුන්ය.

අල් ජසීරා

Classified_Ad