රට සම්පූර්ණයෙන් අරින්න හැකිවේවි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 14, 2021

රට සම්පූර්ණයෙන් අරින්න හැකිවේවි

මේ වනවිට පවතින තත්ත්වයේ වෙනසක් නොවුණහොත් ලබන සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකියාව ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙයි. 

සැප්තැම්බර් මාසය වනවිට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව, රටේ සියලුම ජනතාවට ලබාදී අවසන් කිරීමට ද බලාපොරොත්තු වන බව යුද හමුදාපතිවරයා පවසයි. 

රට සැමදා වසාගෙන සිටීමට හැකියාවක් නොමැති බවත්, අවශ්‍ය සියලු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන රට විවෘත කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට නිතර උපදෙස් බවත් හමුදාපතිවරයා පැහැදිලි කර තිබේ. 

විදේශිකයන් සඳහා රට විවෘත කිරීමට ද සාකච්ඡා අරඹා ඇති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවත් හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩි දුරටත් කියා සිටී. 

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පැමිණෙන විදේශිකයන්ට, PCR පරීක්ෂණයකින් පසු මෙරටට ඇතුළුවීමට අවස්ථාව ලබාදිය හැකි වනු ඇතැයි ද යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේය. 

රටපුරා එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කර ඇතැයි පැවසූ ඒ මහතා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය අංශ මේ සඳහා සිය උපරිම දායකත්වය ලබාදෙන බවද ප්‍රකාශ කළේය. 

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා  ලක්ෂ දාහතක් එලැඹෙන 22 වැනිදා මෙරටට ලැබෙන බවත්, මෙරට පනස්  හත් ලක්ෂයකට කොරෝනා මර්දන එන්නත මේවනවිට ලබාදී ඇති බවත් මෙම මාසය අවසන්වීමට පෙර බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබා දෙන බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.

Classified_Ad

Classified_Ad_News_Bottom