මිල්කාට 46 වැනි ස්ථානය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 25, 2021

මිල්කාට 46 වැනි ස්ථානය

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන මිල්කා ගෙහානි ද සිල්වා රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්ව්දී 46 වැනි ස්ථානය ලබාගත්තාය. 

අද (25)  පැවති මූලික වටයේ ඉසව් 4 කදී ඇය ලබාගත් ලකුණු සංඛ්‍යාව 45.798 කි. මෙම ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 69 දෙනකු සහභාගි වූ අතර අවසන් වටය සඳහා තෝරාගනු ලබන්නේ ක්‍රීඩිකාවන් 24 දෙනකු පමණි. 

කෙසේ වෙතත් එක රටකින් ක්‍රීඩිකාවන් දෙදෙනකු පමණක් අවසන් වටය සඳහා තෝරා ගන්නා බැවින් 25 වැනි ක්‍රීඩිකාවගෙන් පසුව සිටින ක්‍රීඩිකාවන්ටද අවසන් වටයේ අවස්ථාව හිමිවේ. 

ඊට හේතුව වන්නේ පළමු 24 දෙනා අතර ඇමරිකානු ක්‍රීඩිකාවන් 6 දෙනකුම සිටින බැවිනි. 

ශ්‍රී ලංකාවේ මිල්කා ගෙහානි මූලික වටයේදී ලකුණු 45.798 ක් ලබාගනිමින් 46 වැනි ස්ථානයට පත්වෙද්දී එහි පළමු ස්ථානය ලබාගත් සිමෝනා බයිල්ස් ලකුණු 57.731 ක් ලබාගත්තාය. සිමෝනාට පමණක් දෙවැනි වූ තවත් ඇමරිකානු ක්‍රීඩිකාවක වන සුනීසා ලී ලකුණු 57.166 ක් ලබාගත්තාය. 24 වැනි ස්ථානය හිමිකරගත් ජපානයේ හිතෝමි හතාකෙදා ලකුණු 52.732 ක් ලබාගත්තාය.

෴ උපුටා ගැනීම 
කෙළිමඩල වෙබ් අඩවිය

Classified_Ad

Classified_Ad_News_Bottom