
පවතින සංචරණ සීමා ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
මීට අමතරව මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදී ඇති අතර එය ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 25ක් වන පරිදි හෝ උපරිම පුද්ගලයින් 150ක සංඛ්‍යාවකට යටත්ව පැවැත්විය හැකිය.
එමෙන්ම පන්සල්, පල්ලි හා කෝවිල් ආදී පූජනිය ස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබේ.
කොවිඩ් ආසාදිත නොවන මෘතදේහවල අවමංගල්‍ය කටයුතු සඳහා අවසර හිමි වන අතර අදාළ දේහය මුදාහැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදුකළ යුතු වේ. ඒ සඳහා පුද්ගලයින් 50 දෙනෙකුට සහභාගි විය හැකි බව ද නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් වේ.
වැඩමුළු, සම්මන්ත්‍රණ හා සන්නාම දියත් කිරීම ආදිය පැවැත්වීමට අවසර හිමි වන අතර ඒ සඳහා උපරිම සහභාගිත්වය 50 දෙනෙකු ට සීමා විය යුතුය.
අවන්හල් සඳහා පැවති රෙගුලාසි ලිහිල් කර තිබෙන අතර එම ස්ථානය තුළම අනුභව කිරීමට ඉඩ සලසන අවන්හල විවෘත කිරීමට ද අවසර දී තිබේ.
සියලූම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ක්‍රියාකාරීත්වය නව සාමාන්‍යභාවයට අනුකූල වන ලෙස පවත්වාගෙන යෑමට වග බලාගත යුතුය.
ඒ අනුව අවම සේවක සංඛ්‍යාවකින් කටයුතු කළ යුතු අතර අවශ්‍යතාවය මත ආයතන ප්‍රධානියාට සේවයට ගෙන්වාගත හැකි සේවකයින් ප්‍රමාණය තීරණය කළ හැකිය. එසේ වගකීම ආයතන ප්‍රධානියා සතුය.