ජයග්‍රහණය වෙනුවෙන් ඩොලර් ලක්ෂයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 31, 2021

ජයග්‍රහණය වෙනුවෙන් ඩොලර් ලක්ෂයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කරමින්, තෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම වසර දෙකකට පසුව ලබාගත් වි-20 තරගාවලි ජයග්‍රහණය අගය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්‍ෂයක (රුපියල් කෝටි 2 කට වඩා වැඩි) ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළේය.

තෙවැනි එක්දින තරගයේදී ලකුණු 82 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 කින් එම තරගය ජයගත් අතර තරගාවලිය්දී 2-1 ක් ලෙසින් ඉන්දීය පිල පරාජය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි-20 තරගාවලියක් ජයගත්තේ වසර දෙකකට පමණ පසුව යැයි ක්‍රීඩා වාර්තා සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් විස්සයි-20 තරගවලි ජයග්‍රහණය වූයේ දසුන් ශානකගේ නායකත්වය යටතේ 2019 ඔක්තෝබර් මාසයේදී පාකිස්තානයට එරෙහිව, පාකිස්තානයේදීම ලබාගත් 3-0 ක තරගාවලි ජයග්‍රහණයයි. 

ඉන්දීය පිල විස්සයි-20 තරගාවලියක් පරාජය වූයේ වසර දෙක හමාරකට පසුවය. 2019 පෙබරවාරියේදී ඕස්ට්‍රේලියානු පිල හමුවේ ලද 2 - 0 ක තරගාවලි පරාජයෙන් පසුව ඉන්දියානුවෝ විස්සයි-20 තරගාවලි 8 කදී අපරාජිතව සිටි අතර ඒවායින් 7 ක්ම ජයගත්හ.

Classified_Ad

Classified_Ad_News_Bottom