ඉන්දියාවේ මන්ත්‍රීවරියක් එන්නත් විඳලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 4, 2021

ඉන්දියාවේ මන්ත්‍රීවරියක් එන්නත් විඳලා

බටහිර බෙංගාලයේ ගම්මානයක එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වෙද්දී, සිය බල පුළුවන්කාරකම් පෙන්වමින්, එම එන්නත්කරණ කඳවුරට පැමිණි ප්‍රාන්ත මන්ත්‍රීවරියක, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් පැත්තකට කර, ගම්වැසියන්ට එන්නත් ලබා දෙමින් ඡායාරූපවලට පෙනී සිටීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි. 

ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කර ඇති අන්දමට මෙම මන්ත්‍රීවරය සෞඛ්‍ය සේවිකාවක නොවන අතර, එන්නත් විදීම සම්බන්ධයෙන් මූලික දැනුමක් හෝ නොමැති තැනැත්තියකි. මෙම මන්ත්‍රීවරිය පාලක ත්‍රිණමූල කොංග්‍රස් පක්ෂය නියෝජනය කරන තබාසුම් ආරා ය. 

ඇය ගම්වැසියන්ට එන්නත් ලබා දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට ඉන්දීය පුවත් නාළිකා ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. 

වෛද්‍යවරියක් නොවන, සෞඛ්‍ය නිලධාරිනියක් නොවන, සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් හෝ මූලික ප්‍රථමාධාර සම්බන්ධයෙන් හෝ කිසිදු දැනුමක් නැති තැනැත්තියක, සිය බලය පෙන්වමින්, ජනතා ප්‍රසාදය දිනා ගැනීමට මෙසේ එන්නත් ලබා දීම කිසිසේත් අනුමත කළ නොහැකි ප්‍රාන්තයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂය චෝදනා කර ඇත. 

 තබාසුම් ආරා මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් ත්‍රිණමූල් කොංග්‍රස් පක්ෂ නායිකාව මෙන්ම බෙංගාල ප්‍රාන්ත මහ ඇමැතිනිය ද වන මම්තා බෙනර්ජි කිසිවක් පවසා නැති බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. කෙසේ නමුත් මෙම සිද්ධිය මුල්කොට ගනිමින්, ත්‍රිණමූල් කොංග්‍රස් පක්ෂය අප්‍රසාදයට පත් වී ඇතැයි ද පැවැසෙයි. 

තවමත් ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. මේ වනවිට ඉන්දියාවේ 'කොවිඩ් 19' මරණ ලක්ෂ 4 පසුකර අවසන්ය. 

ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 43,071 කි. මරණ වාර්තා වූයේ 955 ක් ලෙසය. එන්නත්කරණ කටයුතු සෑම ප්‍රාන්තයකම එක සමාන වේගයකින් ක්‍රියාත්මක නොවන හෙයින් වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීම ඉන්දියාවට අසීරු වී තිබේ. 

ඉන්දීය පුවත් සේවා අද (4) වාර්තා කළ අන්දමට ගතවුණු පැය 24 ඇතුළත පමණක් ලබා දී ඇති එන්නත් ගණන ලක්ෂ 63 ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom