සිනමාකරු රිචඩ් ඩෝනර් සමුගනී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 6, 2021

සිනමාකරු රිචඩ් ඩෝනර් සමුගනී

70 සහ 80 දශකයේ, ජනප්‍රිය සිනමා නිර්මාණ රැසක් ලොවට දායාද කළ ජනප්‍රිය හොලිවුඩ් අධ්‍යක්ෂ රිචඩ් ඩෝනර් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 91 කි. ඩෝනර්ගේ අභාවය පිළිබඳ පුවත මාධ්‍ය වෙත පවසා ඇත්තේ බිරිඳ මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක ද වන ලෝරන් ෂූලර්ය. 
බිරිඳ ෂූලර් සමඟ
රිචඩ් ඩෝනර්, අධ්‍යක්ෂවරයකු පමණක් නොව, ඔහු ද සිනමා නිෂ්පාදකවරයෙකි. රූපවාහිනී නිර්මාණ රැසකට ද ඔහු දායක වී ඇත. ඊට අමතරව ඩෝනර් චිත්‍රකතා Comics රචකයකු ද වෙයි. 

ඩෝනර් උපන්නේ 1930 අප්‍රේල් 24 වැනිදාය. ඔහු 1957 සිට 2009 තෙක් සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයට සම්බන්ධ වී කටයුතු කළේය. ඩෝනර් ඇමෙරිකානු සම්මාන උළෙල කීපයකින් සම්මාන රැසක් ද දිනාගෙන ඇත.
ක්‍රිස්ටෝපර් රීව්ස්, සුපර්මෑන් ලෙස චරිත නිරූපණය කළ 1978 වසරේ දී ඩෝනර් විසින් 
අධ්‍යක්ෂණය කරනු ලැබූ පළමු සුපර්මෑන් චිත්‍රපටයේ තිරය පසුපස දසුන්
ඩෝනර් හොලිවුඩ් අධ්‍යක්ෂකවරයකු ලෙස කැපී පෙනුනේ 1976 'ද ඕමන්' චිත්‍රපටයෙනි. 'සුපර්මෑන්', 'ද ගූනීස්', 'ලීතල් වෙපන්', 'මැව්රික්' ආදී අතිශය ජනප්‍රිය රසික හදවත් දිනූ චිත්‍රපට රැසක අධ්‍යක්ෂකවරයා වන්නේ ඩෝනර්ය. 'ෆ්‍රීවිලි' සහ 'ද ලෝස්ට බෝයිස්' යන ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදනය කළේ ඩෝනර්ය. 
1987 වසරේ තිරගත වූ මෙල් ගිබ්සන් සහ ඩැනී ග්ලෝවර් ප්‍රධාන චරිත නිරූපණය කළ 
'ලීතල් වෙපන්' ක්‍රියාදාම චිත්‍රපටය. (ඉහළ) සහ ඩෝනර් 2017 සම්මාන උළෙලකදී 
මෙල් ගිබ්සන් සහ ඩැනී ග්ලෝවර් සමඟ ගත් ඡායාරූපයක් (පහළ)
ඩෝනර් අධ්‍යක්ෂණය කළ 'ද ගූනීස්' චිත්‍රපටයේ තිරපිටපත සකස් කළේ ස්ටීවන් ස්පීල්බර්ග්ය. 'රිචඩ් ඩෝනර් සුවිශේෂී සිනමාකරුවෙකු. ඕනෑම ශානරයක චිත්‍රපටයක් නිර්මාණයට ඔහු දක්ෂයි. එයයි ඔහුගේ විශේෂත්වය' යැයි ඩෝනලර්ගේ අභාවය සැලවීමත් සමඟ සොව පළ කරමින් ස්ටීවන් ස්පීල්බර්ග් පවසා තිබේ. 

BBC

Classified_Ad

Classified_Ad_News_Bottom