ඇෆ්ගන් ඇමැති ජර්මනියේ Delivery මෑන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 28, 2021

ඇෆ්ගන් ඇමැති ජර්මනියේ Delivery මෑන්

ඇෆ්ගනිස්තානය යළි තලේබාන්වරුන්වරුන් අතට පත් වේවි යැයි කල් තියා බියට පත් වී, පසුගිය දෙසැම්බරයේ ජර්මනිය බලා ගිය ඇෆ්ගන් රජයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අමාත්‍ය සයීද් සදාත් ජර්මනියේ ලිබ්සිග් නුවර භාණ්ඩ ආහාර ඇණවුම් බෙදාහරින ආයතනයක සේවකයකු ලෙස රැකියාව කරයි. 

ඇෆ්ගන් රජයේ සන්නිවේදන කටයුතු අමාත්‍ය ධුරය හෙබවූ සයීද් සදාත් එම ධුරයෙන් ඉවත් වූයේ 2018 වසරේදීය. ඉන්පසු ඔහු විදෙස්ගත වීමට වැඩි උනන්දුවක් දැක්වූ බව පැවැසෙයි. 

2020 ජනවාරියේ ඔහුට ජර්මනිය බලා පැමිණීමට අවස්ථාවක් ලැබුණු අතර, දැන් ඔහු තැඹිලි පැහැති නිප ඇඳුමින් සැරසී, පා පැදියෙන් ලිබ්සිග් නුවර භාණ්ඩ සහ ආහාර බෙදා හරින්නකු ලෙස රැකියාව කරන්නේ මහත් සතුටිනි.

 49 හැවිරිදි සයීද් සදාත් තොරතුරු තාක්ෂණය සහ ටෙලිකොම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උපාධිධාරියෙකි. 
'මට ඕනෑ විදියේ රැකියාවක් ලැබුණේ නැහැ. ඒත් මට ලැබුණු රැකියාව මා ආසාවෙන් කරනවා.' යැයි සයීද් සදාත් රොයිටර් පුවත් සේවය සමඟ පවසා තිබේ. 

'දේශපාලනඥයෝ දේශපාලනයෙන් සමුගත්තත් කළ යුත්තේ ජනතා සේවයයි. මා දේශපාලනය කළේ මුදල් උපයන්න නොවෙයි. නම්බුනාම ගන්න නොවෙයි.' යැයි සයීද් සදාත් පවසා ඇත. සයීද් සදාත් ජර්මනියට පැමිණ සිටින්නේ ඔහුගේ දරු පවුල ද සමඟය.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad