මුද්දරවලට ගිය පිහිනුම් ශූරියෝ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 12, 2021

මුද්දරවලට ගිය පිහිනුම් ශූරියෝ

තාක්ෂණය කෙතරම් දියුණු වුවද, තැපැල් සේවයට සහ මුද්දරයට ඇති පොදු ජන ප්‍රතිචාරය තවමත් වියැකී ගොස් නැත. මුද්දරය තම සංස්කෘකියේ වැදගත් කොටසක් බවට පත් කරගත් රටවල් රැසක් ඇති අතර, ඕස්ට්‍රේලියාව ද එහි පෙරමුණේ පසුවෙයි. 

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිහිනුම් ඉසව් ජයග්‍රහණය කරමින් රන් පදක්කම් දිනූ ඕස්ට්‍රේලියානු පිහිනුම් ශූරයන් වෙනුවෙන් ඔවුන් මුද්දර නිකුත් කර තිබේ. ඒ, ඕස්ට්‍රේලියා ඔලිම්පික් කමිටුව, එරට තැපැල් අධිකාරිය සමඟ එක්ව සිදුකළ රාජතාන්ත්‍රික මෙහෙයුමක් ලෙසිනි. ටෝකියෝ ඔලිම්පික් සඳහා, ඕස්ට්‍රේලියාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 472 කින් සමන්විත කණ්ඩායමක් යොමු කර තිබුණි. 

කාන්තා මීටර් 4x100 නිදහස් ආර පිහිනුම් ඉසව්වට එක්වුණු බ්‍රොන්ටේ, මෙග් හැරිස්, එමා මැකේන් සහ කේට් කැම්බල් නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින් රන් පදක්කම් දිනා ගැනීම මුද්දර එකතුවේ කැපී පෙනෙයි. කාන්තා මීටර් 400 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ රන් පදක්කම් ජයග්‍රාහිකයා වූ අරියන් ටිට්මස්ගේ රුව සහිත මුද්දරයක් ද මීටර් 100 පසුපස ආර පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම දිනූ කේලී මැකොන්ගේ රුව සහිත මුද්දරය ද නිකුත් කෙරුණි.

෴ උපුටා ගැනීම 
ඕස්ට්‍රේලියානු පුවත් සේවා

Classified_Ad