නිකොලාගේ සටහන් පොත - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 12, 2021

නිකොලාගේ සටහන් පොත

2021 ඔලිම්පික් උළෙලේ උස පැනීම කාන්තා ඉසවුවෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූයේ ඕස්ට්‍රේලියානු උස පැනීමේ ක්‍රීඩිකා නිකොලා මැක්ඩර්මට්ය. 

තරග බිමට පිවිසි නිකොලා සෑම ප්‍රයත්නයකින් පසු ආසනය වෙත ගොස් ඇගේ බෑගයෙන් සටහන් පොතක් ගෙන පෑනකින් එය කුරුටු ගාන අයුරු නරඹන්නන්ට දකින්න ලැබුණි. කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රීඩා පිටියේ සිටියේ අතලොස්සක් පමණක් වුවත්, සජීවීව බොහෝ දෙනකු රූපවාහිනියෙන් නිකොලාගේ මෙම අසාමාන්‍ය හැසිරීම නිරීක්ෂණය කරන්න විය.

 ක්‍රීඩා විස්තර විචාරකයන්ට පවා එය ප්‍රෙහේලිකාවක් විය. 'මේ කෙල්ල මොනවද මේ සැරින් සැරේ ලියන්නේ?' බොහෝ දෙනාට එය ප්‍රශ්නයක් විය. 

අවසානයේ ඊට පිළිතුරු දුන්නේ නිකොලාය. ඒ, ලැබූ ජයග්‍රහණයෙන් අනතුරුවය. සෑම ප්‍රයත්නයකින්ම පසුට නියමිත අසුන වෙත ගොස් සටහන් පොත දිග හැර ගන්නා නිකොලා, එහි සටහන් කරන්නේ ඇය සෑම ප්‍රයත්නයකදීම දැක්වූ දස්කම්ය. ඇය ඇයටම ලකුණු දීමක් සිදු කර ගනී. ලකුණු දෙන්නේ 1 සිට 10 දක්වාය. පසුව ඇය ඇගේ පුහුණුකරු සමඟ ඒ දේවල් ගැන සාකච්ඡා කරයි. 

වැරදි අඩුපාඩු සිහියට ගනිමින්, පියවරෙන් පියවර ඉදිරියට යයි. ඇය රිදී පදක්කම දක්වා ගියේ ඒ අයුරිනි. 

''මා අවංකවම මගේ සෑම උත්සාහයක් වෙනුවෙන්ම ලකුණු සටහන් කරගන්නවා. මගේ පෑනෙන් කිසිම දවසක මට ලකුණු දහයෙන් දහය නොලැබෙන බව මා දන්නවා. ඒ නිසාම දවසින් දවස, මොහොතින් මොහොත මට දියුණු කරගත යුතු යමක් හමුවෙනවා. මා වැරදි අඩුපාඩු හදා ගන්නවා.' නිකොලා මාධ්‍ය හමුවේ පසුව පැහැදිලි කළාය. නිකොලා මීලඟ ඔලිම්පික් උළෙලේදී හෝ ඊට පෙර ලෝක ශූරතාවයකදී රන් පදක්කමක් ජයග්‍රහණය කළොත්, ඒ ජයග්‍රහණය පසුපස ඇත්තේ ඇගේම නොපසුබට උත්සාහය මිසක් වෙන කිසිවක් නොවෙයි. ඕස්ට්‍රේලියානු පුවත් නාළිකා නිකොලා ගැන ආඩම්බරයෙන් පවසා තිබේ.

෴ උපුටා ගැනීම - ඕස්ට්‍රේලියානු මාධ්‍ය

Classified_Ad

Classified_Ad_News_Bottom