කොරෝනා සුවවූවන් දියවැඩියා රෝගීන් වෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 12, 2021

කොරෝනා සුවවූවන් දියවැඩියා රෝගීන් වෙලා

ඉන්දියාවේ 'කොවිඩ් 19' සුවවූවන් වැඩි දෙනකු දියවැඩියා රෝගීන් බවට පත් වී ඇති බවත්, 'කොවිඩ් 19' ආසාදනය වීමට පෙර, ඔවුන් කිසිවකුටත් දියවැඩියාව නොතිබුණු බවත් මුම්බායි වෛද්‍යවරුන් BBC පුවත් සේවය සමඟ පවසා ඇත. 

'කොවිඩ් 19' වයිරසය ආසාදනය වෙද්දී, ප්‍රතිශක්තිකරණය අඩු වන අතර, ආසාදිතයාගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යයි. දියවැඩියා රෝගියකු නම්, නියමිත පරිදි ඖෂධ ලබා ගෙන දියවැඩියාව පාලනය කරගෙන නැතිනම් හෝ 'කොවිඩ් 19' වයිරසයට එරෙහි අනුමත එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබාගෙන නැතිනම් සංකූලතා අවම වන අතර මරණයට පත්වීමේ ප්‍රතිශතය ද ඉතාමත් අඩුය.

දියවැඩියාව පමණක් නොව, සෙසු බෝ නොවන රෝග වන අධිරුධිර පීඩනය, හෘද සහ ස්වසන රෝග ඇති අය ඔවුන් එම රෝග පාලනය කර ගැනීමට නියමිත බෙහෙත් පාවිච්චි කළ යුතු මෙන්ම 'කොවිඩ් 19' වයිරසයට එරෙහි එන්නත් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙයි. මුම්බායි වෛද්‍යවරුන් BBC පුවත් සේවයට පැහැදිලි කර ඇති අන්දමට, 'කොවිඩ් 19' ආසාදිතයන් වන දියවැඩියාව නොමැති අය, නියමිත එන්නත් ලබාගෙනත තිබුණත්, ඔවුන්ගේ ඉහළ යන රුධිරයේ සීනි මට්ටම කොරෝනා සුවවූ පසු යළි පහළ යන්නේ නැත. 

වෛද්‍යවරුන් මෙසේ පවසා ඇත්තේ මූලික අධ්‍යයනයකින් පමණක් බවත්, ඒ ගැන තවත් පුළුල් අධ්‍යයනයක් කළ යුතු බවත් බීබීසී පුවත් සේවය වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. අලුතින් දියවැඩියා රෝගීන් ලෙස හඳුනා ගැනෙන පිරිසට වයස් භේදයක් නැති බවත්, පවුලේ පවුලේ කිසිවකුටවත් දියවැඩියාව නොමැති බවත් සිදු කළ අධ්‍යයනවලින් තහවුරු වූ බව ද මුම්බායි වෛද්‍යවරුන් වැඩි දුරටත් පවසා ඇත. 

කෙසේ නමුත්, 'කොවිඩ් 19' සහ දියවැඩියාව අතර පවතින සම්බන්ධය නිශ්චිතව අවබෝධ කර ගැනීමට දිගටම අධ්‍යයන පවත්වන බවත්, තමන් සොයා ගත් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයටත්, යුරෝපා වෛද්‍ය පර්යේෂකයන්ටත් යොමු කළ බව ද මුම්බායි වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටිති.

ඉන්දියාවේ දියවැඩියා රෝගීන් මිලියන 77 ක් සිටිති. සෑම හය දෙනකුගෙන්ම එක් අයකු දියවැඩියාවෙන් පීඩා විඳින බව පැවැසෙයි. ඉන්දියාව දියවැඩියා රෝගීන් අතින් දෙවැනි වන්නේ චීනයට පමණි. චීනයේ දියවැඩියා රෝගීන් ගණන මිලියන 116 කි.

෴ උපුටා ගැනීම - BBC

Classified_Ad

Classified_Ad_News_Bottom