
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතයේ දරුණුතම ව්‍යාප්තිය ඉදිරි මාස කිහිපය තුළ සිදුවිය හැකි බව සායනික හා මහජන වසංගත විද්‍යාව පිළිබඳ ලෝක විශේෂඥයෙකු වන හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාව පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා කියා සිටී.
ගෝලීය වශයෙන් සහ දකුණු ආසියානු කලාපයේ ද මූලික වශයෙන් කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියේ පහත වැටීමක් පසුගිය දිනවල පැවතුණද, එම කලාපයන් හී රෝගීන් ගේ නැවතත් වැඩිවීමක් දක්නට තිබෙන බවද මහාචාර්ය මලික් පීරිස් මහතා පන්වා දේ.
මහාචාර්ය මලික් පීරිස් මහතා මේ අදහස් පළ කළේ, කොවිඩ් 19 වසංගතයේ බලපෑම සහ ව්‍යාප්තිය අවම කරගැනීම පිළිබඳව ග්‍රන්ථයක් කොළඹදී එළිදැක්වීමේ අවස්ථාවට හොංකොං නුවර සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් උත්සව සභාව හමුවේ කරුණු දැක්වූ මහාචාරය මලික් පීරිස් මහතා කියා සිටියේ නව ඩෙල්ටා ප්‍රභේදය ම් තත්ත්වයට හ්තුවී ඇති බවත් , මෙම ප්‍රභේදය නිසා ඉන්දියාවේ විශාල විනාශයක් සිදු වූ අතර ඉදිරි සති කිහිපය තුළ එය ලංකාවට ද විශාල බලපෑමක් ඇති කරන බවය.
ඉදිරි මාස කිහිපය තුළ දරුණුතම කොවිඩ් වසංගතයට ශ්‍රී ලංකාව මුහුණ දීමට සිදු වන බවට අනතුරු ඇඟවීමක් මහජන සෞඛ්‍ය වෘත්තිකයෙකු වශයෙන් තමා නොකළහොත් එය තමා විසින් යුතුකම පැහැර හැරීමක් බවද මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දුන්නේය.
ඉතා හොඳින් සිදු කෙරෙන එන්නත් කරණය ඉදිරියට ගෙන යාම ගැන රජයට සහ මහාචාර්ය ජයසුමන මහතාට තමා සුභ පැතුම් එක් කරන බවත්ද මහචාර්යවරයා මෙහදී වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත්, කොවිඩ් රෝගයෙන් වැලකීමට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීම සඳහා එන්නත් මාත්‍රාවන් දෙකක් ලබාගැනීම අවශ්‍ය වන බවද පෙන්වා දුන් මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි මාස කිහිපය තුළ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට එම මාත්‍රා 02ක ලබාගැනීම ප්‍රමාණවත් නොවන බවත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට තවදුරටත් ජනතවාට හොදින් උපදෙස් ලබාදීම කළ යුතු බවද මහාචාර්ය මලික් පීරීස් මහතා ඒම උත්සව සභාව හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.
මහාචාර්ය මලික් පීරිස් මහතා සායනික හා මහජන වසංගත විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන අතර ඉන්ෆ්ලුවෙන්සා, කොරෝන වෛරස් වැනි රෝග පිළිඉඳව අධ්‍යයනයහි විශේෂ උනන්දුවක් දක්වන වෛද්‍ය විශේෂඥවරයෙකු වන අතර 2003 වසරේදී දී සාර්ස් රෝගය, එහි රෝග නිර්ණය හා රෝග කාරකය සඳහා නව කොරෝනා වෛරසය හේතු වූ බව සොයා ගැනීමේදී මහාචාර්ය මලික් පීරිස් මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.