කොවිඩ් නැති සංචාරකයන්ට අවසර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 8, 2021

කොවිඩ් නැති සංචාරකයන්ට අවසර

කොවිඩ් එන්නත් මත්‍රා සම්පූර්ණ කොට දින 14 කින් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ගුවන්තොටුපළේ සිදු කෙරෙන පිසීආර් පරීක්ෂණයෙන් කොවිඩ් අසාදිත බවට තහවුරු නොවුණහොත් එම සංචාරකයින්ට ශ්‍රී ලංකාව තුළ ඕනෑම තැනක සංචාරයේ නිරත වීමට හැකියාව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 

එසේම එන්නත් ලබානොගෙන පැමිණෙන අයට පී.සී.ආර් පරික්ෂණයෙන් ආසාදිත නොවන බව තහවුරු වුවහොත් ‘ජෛව බුබුළක්‘ ලෙස සංචාරය කළ හැකි බවත් ඒ සදහා ස්ථාන 22 ක් හදුන්වා දී ඇති බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී. 

මේ දිනවල රුසියාවේ නිළ සංචාරයක නිරතව සිටින ඇමති ප්‍රසන්න රණතුංග මහතා රුසියානු මොස්කව් නුවරදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වත්මන් තත්ත්වය ගැන එරට මාධ්‍යවේදීන් සමග පසුගිය දා පැවති සාකච්ඡාවක දී මේ බව කියා සිටියේය. 

ඇමතිවරයා රුසියානු මාධ්‍ය වේදින් හමුවේ වැඩිදුරටත් කියා සිටියේ එන්නත් නොගෙන පැමිණෙන අය දින 14 කට වඩා කාලයක් මෙරට තුළ රැදෙන්නේනම් දින 10 කින් සිදු කෙරෙන පිසිආර් පරික්ෂාවකින් පසු ඔවුන් කොවිඩ් අසාදිත නොවුවහොත් ඔවුන්ටද දිවයිනේ සංචාරය කිරීමට ඔවුන්ට ඉඩ ලැබෙන බවය. 

සැප්තැම්බර් මාසය වන විට මෙරට ජනගහණයෙන් සියයට 60 ක් කොවිඩ් පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමට රජය කටයුතු යොදා ඇති බවත්,කොවිඩ් එන්නත්කරණය සමග මේ වසර අවසන් වන විට සංචාරක කර්මාන්තය යථා තත්තවයට පත්වනු ඇතැයි රජය අපේක්ෂා කරන බවද හෙතෙම මෙහිදී කියා සිටියේය. 

පසුගිය රජය විසින් අත්හිටවූ කොළඹ - මොස්කව් සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට වත්මන් රජය කටයුතු කළ බවත් ඒ අනුව ඉදිරියේ දි ලෝකයේ නව ගමනාන්ත රැසකට ශ්‍රී ලංකන් ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා මෙහි දී කීවේය. 

කොළඹ - මොස්කව් ගුවන් ගමන් යළි ආරම්භ කිරීම දෙරට අතර සංචාරක හා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඉවහල් වනු ඇතැයි පෙන්වා දුන් ඇමතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීමේ දි රුසියානු කළාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද කීවේය.

Classified_Ad

Classified_Ad_News_Bottom