රුසියානුවන්ට විශේෂ වට්ටමක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 8, 2021

රුසියානුවන්ට විශේෂ වට්ටමක්

සංචාරක කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාකරන රුසියානුවන් සඳහා වට්ටම් සහිත ගුවන් ටිකට් පත් විශේෂ දීමනාවක් ශ්‍රීලංකන් ගුවන් සේවය හඳුන්වා දී ඇත. 

රුසියානු නිවාඩු ගත කරන්නන් අතර ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මොස්කව්හි දී මෙම නිවේදනය නිකුත් කරන ලදී. 

මෙම තීරණය ගනු ලැබුවේ මොස්කව්හි දී දේශීය සංචාරක හවුල්කරුවන් සහ කර්මාන්ත නායකයින් අතර පැවති සාකච්ඡාවකින් පසුවය මෙම දීමනාව 2021 ඔක්තෝබර් මස 31 දක්වා වලංගු වන අතර වට්ටම් සහිත ගුවන් ටිකට් පත් සහ ශ්‍රී ලංකාවේ සංචාරක හවුල්කරුවන් විසින් පිරිනමන විශේෂ දීමනා ලබාගනිමින් සිය නිවාඩු ගතකිරීමට ශ්‍රී ලංකාව තෝරා ගැනීමට රුසියානු සංචාරකයින්ට අවස්ථාව ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම කියා සිටී.

සංචාරක රෙගුලාසි ලිහිල් කිරීමෙන් පසු රුසියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ඇති ආකර්ෂණීය ස්ථාන රාශියක් ගවේෂණය කිරීමට මෙම විශේෂ දීමනාව මගින් ඉඩ සැලසෙන බවද එම සමාගම පෙන්වා දේ. වසර හයකින් පසුව නැවත වරක් ශ්‍රීලංකන් ගුවන් සේවය මොස්කව් වෙත පසුගියදා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන ලදී. 

 මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය සෑම සිකුරාදා දිනකම ශ්‍රී ලංකාවේ සිට මොස්කව් බලා පියාසර කරන අතර ඉදිරි ශීත කාලය තුළදී එහි වාර ගණන වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි ද ශ්‍රී ලංකන් ගුවන්සේවය කියා සිටී.

Classified_Ad

Classified_Ad_News_Bottom