කොරෝනාගේ සගයා කොලෙස්ටරෝල් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 5, 2021

කොරෝනාගේ සගයා කොලෙස්ටරෝල්

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය (SARS-CoV-2) සහ කොලෙස්ටරෝල් අතරේ ඇති සම්බන්ධයක් ඇති බව ඔබ දන්නවාද? මේ සම්බන්ධය අනාවරණය කර ඇත්තේ, ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් පිරිසකි. ඔවුන් මේ සම්බන්ධයෙන් කළ අධ්‍යයන වාර්තාව මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.

'කොවිඩ් 19' වයිරසය අප රෝගී කරන්නේ, අපේ සිරුරට ඇතුළු වී, අපේ සෛල තුළට රිංගා සෛල ආක්‍රමණය කරමින්, වයිරසයේ පිටපත් නිර්මාණය කිරීමෙනි. සෛලවලට හොරෙන් රිංගා යෑම වයිරසයට තනිවම කළ හැකි වන්නේ නැහැ. හේතුව සෛලවල විශේෂ ආරක්ෂක පටලයක් ඇති බැවිනි. 

ඒ නිසා, 'කොවිඩ් 19' වයිරසයට තවත් කෙනකුගේ උදවු අවශ්‍ය වෙයි. මේ උදවුකරු කොලෙස්ටරෝල් ය. 'කොවිඩ් 19' වයිරසය, කොලෙස්ටරෝල් හවුල් කර ගනිමින්, අපේ සිරුරුවල සෛල පලා ඒ අතුළට රිංගා ගනී. 

සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය යහපත් අයුරින් පවත්වාගෙන යන අයකුට නම් 'කොවිඩ් 19' වයිරසයයෙන් එල්ල වන බලපෑම ඉතාමත් අඩුය. එපමණක් නොවෙයි, කොලෙස්ටරෝල් පාලනය කර ගැනීමට ඖෂධ භාවිතයට ගන්නා පුද්ගලයන්ට ද 'කොවිඩ් 19' වයිරසයෙන් ආරක්ෂාවක් ලැබෙයි. 

වයිරසය ආසාදනය වුවහොත්, සිදුවන බලපෑම ද අඩු වෙයි. මේ බව අනාවරණය කර ඇත්තේ ඇමෙරිකාවේ 'හවඩ් හියුස්' වෛද්‍ය ආයතනයේ විද්‍යාඥ ආචාර්ය ක්ලිෆර්ඩ් බ්‍රැන්ග්වින් ඇතුළු පර්යේෂණ කණ්ඩායමය. ආචාර්ය ක්ලිෆර්ඩ් බ්‍රැන්ග්වින් සහ පර්යේෂණ කණ්ඩායම එළිදැක්වූ ඔවුන්ගේ අධ්‍යයන වාර්තාව මේ වනවිට බොහෝ දෙනාගේ අවධානයට ලක්වී හමාරය. 

෴ උපුටා ගැනීම - Sky-Tech-Daily

Classified_Ad

Classified_Ad_News_Bottom