එක ආසාදිතයයි: නවසීලන්තය ලොක්ඩවුන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 17, 2021

එක ආසාදිතයයි: නවසීලන්තය ලොක්ඩවුන්

ඕක්ලන්ඩ් නුවරින්, එක් 'කොවිඩ් 19' ආසාදිතයකු හමුවීමත් සමඟ මුළු නවසීලන්තයම හදිසියේ ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය උපදෙස් අනුව, එරට අග්‍රාමාත්‍යවරිය ජැසෙන්ඩා එර්ඩර්න් තීරණය කළාය. 

ලෝකයේ 'කොවිඩ් 19' වයිරසය ඉතා සාර්ථකව පාලනය කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පැසැසුමට ලක් වී ඇත්තේ නවසීලන්තයයි. ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමටත්, වයිරස ආසාදිතයන් හඳුනා ගනිමින් ව්‍යාප්තිය පාලනය කිරීමේත් අරමුණින් මෙම තීරණය ගත් බව අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

නවසීලන්තය මුළුමනින්ම දින 3 ක් ලොක්ඩවුන් වුවත්, ආසාදිතයන් හමුවුණු ඕක්ලන්ඩ් නුවර සහ එය අයත් කොරෝමැන්ඩෙල් අර්ධද්වීපය දින 3 ක් නොව දින 7 ක් තෙක් ලොක්ඩවුන් කිරීමට පියවර ගෙන තිබේ.

නව ආසාදිතයන් ලෙස හමුවූයේ ඩෙල්ටා විකෘතිය ආසාදිතයකු ද යන්න තවමත් තහවුරු වී නොමැති බව ද සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් අගමැතිනිය පවසා ඇත. තමන් නවසීලන්තය ලොක්ඩවුන් කරන්නේ හමුවුණු ආසාදිතයා 'ඩෙල්ටා' ආසාදිතයකු යැයි අනුමාන කරමින් යැයි ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පවසා ඇත.

නවසීලන්තයෙන් මෙසේ නව ආසාදිතයකු වාර්තා වූයේ මාස 6 කට පසුවය. මේ වනවිට එරටින් හමුවී ඇති සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 2500 ක් වන අතර මරණ වාර්තා වන්නේ 26 ක් ලෙසිනි. 

෴ උපුටා ගැනීම - Al Jazeera

Classified_Ad

Classified_Ad_News_Bottom