Delta ප්‍රභේදයේ විකෘති 3 ක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 17, 2021

Delta ප්‍රභේදයේ විකෘති 3 ක්

ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් පෙන්වා දුන්නේය. 

ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඇතැම් විට කොවිඩ් රෝගය පැතිර යෑම ඉහළ යෑමට එම විකෘති ප්‍රභේද හේතුවක් විය හැකි බවද පැවසු චන්න ජයසුමන මහතා, මීට පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 - 70ත් අතර වේගයකින් පැතිර යන බව ද සඳහන් කළේය. 

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ජනගහනයෙන් සියයට 54ක් එක් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇති අතර සියයට 21ක් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

කොවිඩ් වසංගතය ට මුහුණදීමට ඇති ක්‍රමවේදය වන්නේ එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් මත ජීවත්වීමට උත්සහ ගැනීම පමණක් බව නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැහැදිලි කළේය. රට වසා නොදැමීමට රජය විසින් තීරණය කළේ ඇයි දැයි යන්න පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.

ලෝකයේ සවිමත් ආර්ථිකයක් ඇති රටවල් පවා කොවිඩ් වසංගතය හේතුවෙන් මුල් කාලයේ දී රට වසා දැමුවත් නැවත රට විවෘත කිරීම තුළ වසංගතය ට මුහුණදීමට සිදුවු බව ද අමාත්‍යවරයා කීවේය. ඒ නිසා අවසන් වශයෙන් කොවිඩ් තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග රජය විසින් ගෙන ඇතැයි ද නව සෞඛ්‍ය ඇමැතිවරයා පැවැසීය.

Classified_Ad

Classified_Ad_News_Bottom