ඉන්දියාව කෝටි 81.85 ක් එන්නත් කරලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 25, 2021

ඉන්දියාව කෝටි 81.85 ක් එන්නත් කරලා

ඉන්දියාව මේ වනවිට කෝටි 81.85 දෙනකුට ‘කොවිඩ්-19’ එන්නත ලබා දී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

 ඉන්දියාව පසුගිය 20 වැනි දා පමණක් ලබා දී ඇති එන්නත් මාත්‍රා ගණන 96,46,778කි. ඒ අනුව මේ සතියේ අඟහරුවාදා (21) වනවිට එන්නත්කරණයට ලක් කර ඇති සමස්ත ගණන 81,85,13,827 ක් (කෝටි 81.85ක්) ලෙස සඳහන් වෙයි. 

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මේ වනවිට වයස අවුරුදු 18ත් 44ත් කාණ්ඩයේ 33,12,97,757 දෙනකුගේ ‘කොවිඩ්-19’ එන්නතේ පළමු මාත්‍රාවත් 6,26,66,347 දෙනකුට දෙවැනි මාත්‍රාවත් ලබා දී ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පවසයි. 

ඉන්දියාව සැප්තැම්බර් 5 වැනිදා වනවිට කෝටි 68කට ‘කොවිඩ්-19’ මාත්‍රා ලබා දී තිබූ අතර සැප්තැම්බර් 10 වැනිදා වනවිට එම ගණන කෝටි 72 ඉක්මවීය.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව සෞඛ්‍ය සේවකයන් 1,03,69,386 දෙනකුගේ කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර 87,50,107 දෙනකුට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත. ඊට අමතරව ඉදිරි පෙළ සේවකයන් 1,83,46,016 දෙනකුට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාවත් 1,45,66,593 දෙනකුට දෙවැනි මාත්‍රාවත් ලබා දී ඇතැයි පැවැසෙයි. 

අවුරුදු 45ත් 49ත් අතර කාණ්ඩයේ 15,20,67,152 දෙනකුට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාවත් 7,00,70,609 දෙනකුට දෙවැනි මාත්‍රාවත් ලබා දී ඇත. වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ 9,74,87,849 දෙනකුට පළමු මාත්‍රාවත් 5,28,92,011 දෙනකුට දෙවැනි මාත්‍රාවත් ලබා දී ඇත. 

මේ අතර, එළැඹෙන ඔක්තෝබර් මාසයේ සිට ‘කොවැක්ස්’ අරමුදලටත් අසල්වැසි රටවලටත් ‘කොවිඩ්-19’ එන්නත් අපනයනය ආරම්භ කරන බව ඉන්දීය ප්‍රකාශ කරයි. ඉන්දියාව යනු ලොව විශාලතම එන්නත් නිෂ්පාදකය වේ. 

කෙසේ නමුත් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ඉතා වේගයෙන් ඉහළ යෑමත් රට තුළ එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමේ අවශ්‍යතාවයත් නිසා ඉන්දියාව ඉකුත් අප්‍රේල් මාසයේ දී එන්නත් අපනයන කිරීම නවතා දැමීය. 

එතැන් පටන් මේ දක්වා කාලයේ දී එන්නත් නිෂ්පාදනය දෙගුණ වී ඇති බවත් ලබන මාසය වනවිට එන්නත් නිෂ්පාදනය මිලියන 300ක් දක්වා සිවු ගුණයකින් වැඩි කරන බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. එපමණක් නොව අපනයන කෙරෙන්නේ අතිරික්ත නිෂ්පාදනය පමණක් බව ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. 

මේ වසරේ අවසන් මාස තුනේ දී එන්නත් නිෂ්පාදනය බිලියනක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන්දියාවේ බයෝලොජිකල් ඊ යන සමාගම් ද එන්නත් නිෂ්පාදනයට එක්වන බව ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom