ෂාරුක් පුතු ආර්යන්ගේ අලකලංචිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 5, 2021

ෂාරුක් පුතු ආර්යන්ගේ අලකලංචිය

මුම්බායි මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයට ඔත්තුවක් ලැබුණි. ඒ, මුම්බායි වරායෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත කෲස් නෞකාවක සාදයක් පැවැත්වීමට නියමිත බවත්, එය 'රේව් පාර්ටි' Rave Party යන නමින් හැදින්වෙන මත්ද්‍රව්‍ය සාදයක් බවත්ය. Rave Party සඳහා DJ කෙනකු සහභාගී වන අතර ඊට පැමිණෙන තරුණ තරුණියෝ මත්ද්‍රව්‍යවලින් සහ සංගීතයෙන් මත් වී නටමින් ගයමින් විනෝද වෙති. 

බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ තරුණ තරුණියන් නෞකාවට ගොඩවනු ඇතැයි ද මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශ නිලධාරීන්ට දැනගන්න ලැබී තිබුණි. මුහුදට මුහුණ ලා පිහිටි මුම්බායි ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ නගරයයි. ඉන්දියාවේ මහා ධනවතුන්ගේත් අන්ත අසරණ මුඩුක්කු වැසියන්ගේත් නිවහන මුම්බායි ය. 
අර්බාස් මර්චන්ට් සහ ආර්යන්
ලැබුණු ඔත්තුවට ප්‍රතිචාර දක්වමින්, වෙස්වලාගත් නිලධාරීහු කණ්ඩායමක් මුම්බායි වරායේ, 'ග්‍රීන් ගේට්' පිවිසුමට පැමිණ සිටියහ. ඒ, නෞකාව පිටත් වීමට පැය ගණනකට පෙර සිටය. නෞකාව මුම්බායි නුවරින් පිටත් වී ගෝව බලා යෑමට නියමිත ව තිබුණි. කෲස් නැවට ගොඩවීමට පැමිණ සියලු දෙනා කෙරෙහි හොඳ විමසිල්ලෙන් පසුවුණු නිලධාරීන්ගේ අවධානය, තරුණ තරුණියන් පිරිසක් කෙරහි යොමු විය. 

බොලිවුඩ් රජු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් එම පිරිස අතරේ සිටියේය. සෙසු පිරිස නොයෙක් නොයෙක් අංශවලින් බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ අය බව වැටහිණි. ආර්යන් ඔහුගේ ඉතාමත් සමීපතම මිතුරකු සහ මිතුරියක වන අර්බාස් මර්චන්ට් සහ මුන්මුන් ධමේචා ද පිරිසට අයත් වූහ. 

නෞකාවට ගොඩවීමට මොවුන් තිදෙනාට අමතරව තවත් තරුණ තරුණියන් 10 දෙනකු පැමිණ සිටි අතර, ඉස්මීත් සිං, මොහාක් ජස්වාල්, ගෝමිත් චොප්රා, නුපුර් සාරිකා සහ වික්‍රන්ත් චොකාර් යන අයවලුන් ද ඔවුන් අතරේ සිටියේය. පිරිස වී.අයි.පී. අමුත්තන් ලෙස නැවට ගොඩවීමට පැමිණ සිටි නමුත්, නැවට ගොඩවන සෑම කෙනකුම සෝදිසි කිරීම අනිවාර්ය කර තිබුණි. 

ආරක්ෂක නිලධාරින් ආර්යන් සෝදිසි කරද්දී ඔහු නොසන්සුන් වන අයුරු දුටු මුම්බායි මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශය නිලධාරීන් වහා ක්‍රියාත්මක වූ බවත්, ඔවුන් ආර්යන්, අබ්බාස් සහ මුන්මුන් ධමේචා පැත්තකට කර ප්‍රශ්න කරන්න විය. ඉන්පසු නිලධාරීන් ඔවුන් තිදෙනාත් සෙසු පිරිසත් ඉතා හොඳින් සෝදිසි කරන්න වූයේ බලහත්කාරයෙනි. ආර්යන්ගේත් අබ්බාස්ගේ සපත්තු ගලවා සෝදිසි කරද්දී සපත්තු තුළ මත්කුඩු සඟවා තිබී හමුවුණු බවත් 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' පුවත් සේවය වාර්තා කළේය. 

 ඊට අමතර නැවට ගොඩවීමට ආර්යන්, අබ්බාස් සහ මුන්මුන් ධමේචා සමඟ පැමිණි සෙසු පිරිස ද සෝදිසි කෙරුණි. අවසානයේ පිරිස සන්තකයේ තිබී කොකේන්, එම්.ඩී. ග්‍රෑම් 5 ක්, චරස් ග්‍රෑම් 21 ක්, මත් පෙති 22 ක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 1.33 ක මුදලක් හමුවුණු බව මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශ නිලධාරීහු මාධ්‍ය හමුවේ අනාවරණය කළහ. ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය හරහා ලොකු අකුරින් පළවිය. සමාජ මාධ්‍ය හරහා ලොකු කසුකුසුවක් නිර්මාණය විය. 
මුන්මුන් ධමේචා

මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශය නිලධාරීන් ආර්යන් සහ අබ්බාස් දෙදෙනා රඳවා ගනිමින් පැය ගණනක් ප්‍රශ්න කරන්න විය. එසේ ප්‍රශ්න කරද්දී ආර්යන් හඩන්න වූ බව 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' වාර්තා කර ඇත. ප්‍රශ්න කිරීම්වලදී ආර්යන් සියල්ල හෙළි කළේය. වසර 4 ක පටන් තමන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී සිටින බවත් හෙතෙම පැවැසීය. විදේශවල සිටිද්දී පවා තමන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බව ආර්යන් හෙළි කර තිබේ. 

මේ අතර, කෲස් නෞකා පාලනාධිකාරීත්වය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කර තිබේ. එහි දැක්වෙන්නේ නෞකාව ඊට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එම සිදුවීම ගැන කිසිවක් නොදන්නා බවත්ය. 

මේ අතර, ඇතැම් ඉන්දීය මාධ්‍ය පොලිස් වාර්තා උපුටා දක්වමින් පවසා ඇත්තේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ආර්යන් සන්තකයේ මත්ද්‍රව්‍ය කිසිවක් නොතිබුණු බවත්, නිලධාරීන් ආර්යන් අත්අඩංගුවට ගත්තේ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ අයකු නිසා බවත්ය. 

ආර්යන් ඇතුළු පිරිස ඉදිරිපත් කෙරුණේ කිල්ලා අධිකරණයටය. ජ්‍යෙෂ්ඨ නීතීඥ සතිෂ් මනිෂන්ද් ආර්යන් වෙනුවෙන් පෙනී සිටියේය. 
බොලිවුඩ් රජු ෂාරුක් සහ බිරිඳ ගෞරි ඛාන්ට පුතුන් දෙදෙනකු සහ දියණියකි. වැඩිමල් පුතු මෙන්ම වැඩිමල් දරුවා ද වන්නේ ආර්යන් ය. අවුරුදු 23 කි. ආර්යන් විශ්ව විද්‍යාල සිසුවෙකි. ඔහු අධ්‍යාපනය ලබන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවර විශ්ව විද්‍යාලයේ යැයි ද පැවැසෙයි. 

ෂාරුක්ගේ දියණිය සුහානා ට අවුරුදු 21 කි. සුහානා ද අධ්‍යාපනය ලබන්නේ ඇමෙරිකාවේය. ඇය ෂාරුක්ගේ අඩිපාරේ යමින් රංගනයට ඇලුම් කරන්නීය. අත්අඩංගුවට පත්වුණු අර්බාස් මර්චන්ට්, සුහානාගේ ද සමීප මිතුරෙකි. ෂාරුක් සහ ගෞරිගේ බාල පුතු ඇබ්රාම්ට තවම අවුරුදු 8 කි.

෴ උපුටා ගැනීම - Times of India

Classified_Ad

Classified_Ad_News_Bottom