ගිනි අවියට පෙම් බැඳි සෞදි කත - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 6, 2021

ගිනි අවියට පෙම් බැඳි සෞදි කත

සෞදි අරාබියේ, මොනා අල්-කුරයිස්ගේ රැකියාව හරි අපූරු එකකි. එය සාමාන්‍යයෙන් සෞදි තරුණියක නොකරන විදියේ දෙයකි. මොනා අල්-කුරයිස් රැකියාව කරන්නේ ගිනි අවි පුහුණුකාරිනියක ලෙසය.

කුඩා කාලයේ පටන් ඇය ගිනි අවි වලට ප්‍රිය කරන බව පැවැසෙයි. පියා දඩයමේ යන අවස්ථාවන් වලදි ඔහුමොනා අල්-කුරයිස් ද එම ගමන්වලට එක් කරගෙන ඇති අතර, ඉලක්කයට වෙඩි තැබීමට ඇයට පුහුණුව දී ඇත්තේ පියා ය.

වසර පහකට පෙර, ඇය බලපත්‍රලාභී ගිනි අවි පුහුණුකාරිනියක වීමට සෞදි අරාබියේ සහ විදේශයන්හි පුහුණුවීම් ලබා ගනිමින් එම ආශාව තම වෘත්තිය බවට පත් කර ගැනීමට සමත් වූවාය.
36 හැවිරිදි මොනා අල්-කුරයිස් දැන් රියාද් නුවර “Top Gun Firing range“ හි වෙඩි තැබීම පුහුණු කරවන අතර, වැඩි වැඩියෙන් කාන්තාවන් ඇගේ පුහුණු පන්තිවලට සම්බන්ධ වේ. 

මීට පෙර පිරිමින් සඳහා වෙන් කර තිබූ මෙම දුෂ්කර ක්ෂේත්‍රයට පිවිසීමට දිරිමත් කිරීම සඳහා සෞදි ගැහැනු ළමුන් සමඟ මගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම එකම ඉලක්කය බව ඇය පවසයි.

මා මුහුණ දුන් බරපතලම අභියෝගය වුණේ පිරිමි නොවෙයි. කාන්තාවන්. මාව විවේචනය කරන්න වුණේ කාන්තාවන්. පිරිමි මාව විවේචනය කරාවි යැයි සිතුවත් එසේ වුණේ නැහැ. මා ඊට සූදානමින් සිටි නිසා කාගේවත් විවේචනවලට මාව නතර කරන්න පුළුවන් වුණෙත් නැහැ.'' යැයි මොනා අල්-කුරයිස් කියයි.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom