Bitcoin වලින් වැටුප් ඉල්ලයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 5, 2021

Bitcoin වලින් වැටුප් ඉල්ලයි

නිව්යෝක් නගරාධිපති ධුරයට තේරී පත්වුණු හිටපු පොලිස් නිලධාරියකු ද වන එරික් ඇඩම්ස් සිය මුල් වැටුප් තුන බිට්කොයින් මුදල්වලින් ලබා ගන්නා බව මාධ්‍ය හමුවේ පවසා ඇත. මේ වනවිට එය බොහෝ දෙනකුගේ කතාබහට හේතුවක් වී ඇත.

ඇඩම්ස් නගරාධිපති ධුරයේ රාජකාරි අරඹනු ඇත්තේ ලබන 2022 ජනවාරියේ සිටය. ඩිජිටල් මුදල් (Digital money/E-money), නැතහොත් ක්‍රිප්ටොකරන්සි (cryptocurrency) වර්ග අතර වර්තමානයේ ඉතා ප්‍රචලිතව තිබෙන බිට්කොයින් (Bitcoin), සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම පිණිස පමණක් භාවිත කළ හැකි මුදල් වර්ගයකි. 

නව නගරාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ, නිව්යෝක් නුවර ක්‍රිප්ටොකරන්සි ප්‍රචලිත කිරීමේ අරමුණින් බව ද පැවැසෙයි. බිට්කොයින් මුදල් ක්‍රමය හඳුන්වා දීම සිදුවූයේ 2009 වසරේදීය. නව ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන් තෝරා ගැනීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝක්, වර්ජීනියා, නිව් ජර්සි ඇතුළු ප්‍රාන්ත කීපයක මැතිවරණ පසුගිය දා පැවැත්විණි. 

නිව්යෝක් නුවර නගරාධිපති ධුරය වෙනුවෙන් තරඟ වැදුණු 61 හැවිරිදි එරික් ඇඩම්ස් කළු ජාතිකයෙකි. ඒ අනුව, ඇමෙරිකාවේ විශාලතම නගරය වන නිව්යෝක් නුවරට පත් වුණු දෙවැනි කළු ජාතික නගරාධිපතිවරයා වනු ඇත්තේ ද ඇඩම්ස් ය. 

මීට අමතරව, බොස්ටන් සහ සින්සනැටි නගරාධිපතිවරුන් තෝරා ගැනීම සඳහා පැවැති මැතිවරණවලින් ජයග්‍රහණය කළේ ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂකයන් දෙදෙනෙකි. මොවුන් දෙදෙනාම විදෙස් සම්භවයක් ඇති අය වීම විශේෂත්වයකි. 
බොස්ටන් නගරාධිපති ධුරය නීතීඥවරියක ද වන 36 හැවිරිදි මිෂෙල් වූ ට හිමිවිය. සින්සනැටි නගරාධිපති ධුරය හිමිවූයේ 39 හැවිරිදි අෆ්තාබ් පුරේවාල්ය. මොහු අරාබි සම්භවයක් ඇත්තෙකි. ඇමෙරිකානු නගරාධිපති ධුරයක් අරාබි සම්භවයක් ඇති අයකුට හිමිවුණු පළමු අවස්ථාව මෙය යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom